Jun
18

කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති මිල ඉහළ යයිද?

 
1354 Views
   
 

වසංගත තතත්වය හමුවේ දේශීය හා විදේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙද භාණ්ඩ කිහිපයක මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

ඒ අනුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති හා කුකුළු මස් යන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන ඉහළ නැංවීම සදහා මේ වන විටත් ඉල්ලීම් කර ඇති බව ඔහු පැවැසීය. කෙසේ වෙතත් මේ වන තෙක්ම එම භාණ්ඩවල මිල ඉහළ දැමීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ස්ථාවර තත්ත්වයක රජය සිටින බවත් ගෑස් හා සිමෙන්තිවලින් ජනතාවට සහනයක් ජනතාවට ලබාදිය හැකිදැයි හා එසේ නම් එම සහන මොනවාදැයි මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවැසී්‍ය.

ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එම සමාගම් සමග සාකච්ඡා කිරීසට මේ වන විටත් රජය විසින් අනු කමිටුවක් පත්කර ඇති බවත් එහි තීරණය අවසන් තීරණය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්