Jan
22

උද්ධමනය වැඩි අපට විතරද ?

 
1860 Views
   
 

අද වන විට විවිධ හැල හැප්පීම් , ගර්ජන , තර්ජන මැද ඉතාමත් උපේක්ෂාවෙන් ඉදිරියට යන රජය පිළිබඳ පැසසුම් සහගත සිතින් බලන්නේ ඉතාමත් අල්පයකි. කළ හොඳ සියල්ලම අමතක කර දමා රජයට විරුද්ධව නැගී සිට මඩ ගසන්නට , හෙලා දකින්නට දහසක් දෙනා ඇතිමුත්, පවතින ලෝක ආර්ථික තත්ත්වය යටතේ මුලු ලෝකයම ආර්ථික අවපාතයක හා විශාල උද්ධමනයට ලක්ව ඇති බව කට මැත නන් දොඩවන්නන් හට නොතේරෙන්නේ මන්ද…??

මේ වනවිට ලෝකයේ ඉතා දැවැන්තයන් කියා ගන්නා රටවල් කඩා වැටෙමින් පවතින්නේ නැවත හිස ඔසවා ගැනීමට පේන මානයක විසඳුමක් නොමැති ආකාරයෙනි. ප්රධාන ශක්තිමත් ආර්ථික රටාවක් තිබූ ඕස්ට්රේලියාව, ඉංදියාව, තායිලන්තය, පාකිස්තානය වැනි දැවැන්තයන් මේ වනවිට දරුණු ආර්ථික අවපාතයකට ලක්ව ඇත.

👉 කැනඩාව

වසර 30 කට පසු දැඩි උද්ධමනයකට මුහුණ දී ඇත. ආර්ථික අර්බුදයට මුහුණ දී දැඩි පීඩනයෙන් පසුවන රටේ ජනතාව ආර්ථික ප්රශ්න ගණනාවකට මැදි වී ඇත.

https://www.reuters.com/business/canadas-annual-inflation-rate-hits-48-dec-highest-since-sept-1991-2022-01-19/

👉 ඕස්ට්රේලියාව

අධික ලෙස ඉහළ යන පොහොර සහ බලශක්ති අර්බුදය හමුවේ අසරණ වී ඇති ඕස්ට්රේලියාව ට මෙය පාලනය කර ගැනීමට කිසිදු විසඳුමක් නැත. එරට ප්රධාන මාධ්ය සහ ඕස්ට්රේලියානු ආර්ථික සඟරා පවසන්නේ එරට ජනතාවට සහ වෙළඳසැල් හිමියන් හට මෙය දරාගත නොහැකි පීඩනයක් බවයි. රොකට්ටුවක වේගයෙන් ගමන් කරන පාරිභෝගික භාණ්ඩ වල මිල එරට මුලු ආර්ථික තත්ත්වයට බලපා ඇත. කොවිඩ් තත්ත්වය යම්තාක් දුරට පහව යාමත් සමඟ 2022 පටන් ගන්නවත් එක්කම මේ තත්ත්වය උදා වූ බවත් එය පාලනය කළ නොහැකි තැනට පත්වී ඇති බව එරට මාධ්ය අංශ පෙන්වා දෙයි.

https://www.news.com.au/finance/business/retail/why-aussie-grocery-prices-are-set-to-soar-in-2022/news-story/917a15e65ded04e04c566b8f07548c28

👉 ඉන්දියාව

ඉංදියානු තොග මිල, දශක තුනකට පසු අහස උසට නැග ඇති බව වාර්තා වේ. පාරිභෝගික භාණ්ඩ මිලද ඉතාමත් ඉහළට ගොස් ඇත. මේ හේතුවෙන් රටේ සාමාන්ය පංතියේ සිට ඉහළම පැලැන්තිය දක්වා ජීවන රටාවට අසීමිත ලෙස බලපා ඇත.

https://daily.energybulletin.org/2021/12/indias-wholesale-prices-unexpectedly-rise-to-three-decade-high/

👉 තායිලන්තය

ඌරු මස් , නූඩ්ල්ස් යනු තායිලන්තයේ ප්රධාන ආහාර ද්රව්ය වන අතර මේ වන විට දැඩි ලෙස මිල ඉහළ ගොස් ඇත. මස් ආශ්රිත වෙළඳපොළ සහ ආහාර ද්රව්යන් අධික උද්ධමනය තත්ත්වයට බලපෑම නිසා එරට ජීවන තත්ත්වය ට දැඩි ලෙස බලපා ඇති බව මාධ්ය වාර්තා කරයි.

https://thethaiger.com/hot-news/economy/pork-petrol-and-noodles-inflation-impacting-prices-in-thailand

👉 පාකිස්තානය

පාරිභෝගික භාණ්ඩ වල මිල එදිනෙදා පාවිච්චියට ගන්නා භාණ්ඩ වල මිල අධිකව ඉහළ ගිහින්. මාස 12 කට පසු පාකිස්තානයේ උද්ධමන අනුපාතය පසුගිය දෙසැම්බර් මාසයේ 12.3 ඉන් වැඩිවී ඇත. ඒ මාස 21 කට පසුය. පකිස්තානයේ ඉතාමත් දරුණු ආර්ථික ගැටලුව නම් 2021සිට 2023 දක්වා එරට ආර්ථික කටයුතු සඳහා අමතර ඩොලර් බිලියන 51.6 ක් අමතරව අවශ්ය වී ඇත. පාකිස්තානයේ අභ්යන්තර ඩොලර් අවශ්යයතාවය 2021-2022 ඇමරිකානු ඩොලර් බිලියන 23.6 සිට 2022-2023 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 28 දක්වා වැඩි වී ඇත.

https://www.reuters.com/markets/asia/pakistan-annual-inflation-rose-123-december-2022-01-01/#:~:text=Edible%20items%20were%20the%20main,in%20the%20CPI%20was%2011.5%25.

👉 ජපානය

මෙතෙක් කිසිදා මුහුණ නොදුන් ආකාරයෙන් භාණ්ඩ සහ ප්රවාහන තැරැව් ගාස්තු ඉහළ ගොස් ඇති බැවින් දැඩි ආර්ථික අර්බුදයක් ඇතිවී ඇත. චීනය වැනි රටවල් වලින් භාණ්ඩ ගෙන්වීමේදී විශාල අමතර මුදලක් ගෙවීමට සිදුවන බවද පවසයි . දැඩි බාධක හමුවේ ආර්ථිකය දිනෙන් දින අවපාතයකට යන බව එරට මාධ්ය වාර්තා කරයි. https://www.businesstimes.com.sg/government-economy/japans-wholesale-inflation-hits-40-year-high-as-fuel-costs-spike

👉 ඇමරිකා එක්සත් ජනපදය

1982 වර්ෂයෙන් පසු වැඩිම ආර්ථික උද්ධමනයට මුහුණ දී ඇත. ඒ 2021 වර්ෂය අවසන් වන විට එය 6.8% කින් ඉහළ ගොස් ඇත.

https://www.cnbc.com/2022/01/19/uk-inflation-rate-soars-to-30-year-high-as-cost-pressures-continue.html

මේ අනුව ආසියාවේ බොහෝ රටවල් වල 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ උද්ධමනය ශීඝ්රයෙන් වැඩිවී ඇත. මෙයට බලපා ඇති පොදු ආර්ථික බලපෑම් දෙකක් විශේෂයෙන්ම පෙනී යයි. එනම් , කොවිඩ් වසංගතයත් සමඟ ගිය වසරට සාපේක්ෂව ජාත්යන්තර වශයෙන් අත්යාවශ්ය ආහාර සහ භාණ්ඩ වල් මිල වැඩි වීම සහ එම භාණ්ඩ වෙළදපොට සපයන සැපයුම් ජාලය නිවැරැදි ආකාරයෙන් සිදුනොවීමයි.

මෙය සමස්ථ ලෝක ආර්ථිකයටම බලපා ඇත. ජාත්යන්තර මූල්ය අරමුදල පවසන්නේ ද , මිනිසුන් ගේ දැඩි අවධානය වැඩි වෙන පරිදි මෙලෙස ආහාර මිල වැඩි වීමට හේතුව , සැපයුම් ජාලය අඩාල වීම සහ ප්රවාහන වියදම වැඩිවීම හේතුවෙන් මෙසේ සිදු වී ඇති බවත් , 2022 උද්ධමනයේ ඉහළම අගය ගන්නා අතර නිශ්පාදනය අඩුවීම නිසා තවදුරටත් දරුණු උද්ධමනයක පෙර ලකුණු පෙන්වන බවත් ය.

ලෝකයේ දැවැන්තයන් එසේ කඩා වැටෙද්දී ශ්රීලංකාව වැනි පුංචි රටක් සාර්ථක ලෙස කොවිඩ් අර්බුදයට ද මුහුණ දී රටේ ජනතාවද කුසගින්නේ නොතබා, එන්නත්කරණය 100% ක් සාර්ථකතව කර ගනිමින් රැකියා අවස්ථාවන් අහිමි වෙන්නට නොදී, රාජ්ය සේවයක් හට වැටුප් ද වැඩිකර , පාසල් කටයුතුද පවත්වා රට පරිස්සමෙන් ගෙන යන ජනපති ගෝඨාභය ඇතුළු වත්මන් රජය විවේචනය කරමින් ඔබ බලාපොරොත්තු වන සුගතිය කුමක්ද…??

මේ ගෙවන්නේ ඉතා අසීරු කාලයක් බැවින් සිදුවන පුංචිම පුංචි දේ ගැන නොව සිදුවන අසීමිත සේවය වෙනුවෙන් වත්මන් රජයට ජනතාව ලෙස හැකි අයුරින් ශක්තියක් වෙමු…සැවොම එක්වී වැඩ කරමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්