Oct
30

කුඩාවුන් ආයෙත් පොතපතට යන ගමන…

 
435 Views
   
 

වසර එකහමාරකට අධික කාලයක් කොරෝනා වෛරසය නිසා පාසල් ගමන අඩාල වී තිබූ අපේ දූ ද රු ව න් නැවත ක්‍රමානුකූලව පාසල්වලට පියමනිමින් සිටිනවා. අධ්‍යාපනය රටක ප්‍රධාන අවශ්‍යතාවයක්.විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද රු වෙකුගේ අධ්‍යාපන ගමනේ මූලික අඩිතාලම තීරණය කරනු ලබනවා.ප්‍රාථමික ශ්‍රේණිවලින් ලබන දැනුම ද රු වෙකුගේ ඉදිරි අනාගත අපේක්ෂාවන් කෙරෙහි දැඩිව බලපානු ලබන සාධකයක්. රජය විසින් ක්‍රමානුකූලව පාසැල් ආරම්භ කිරීමට ගත ගත් මේ තීරණය බොහෝමයක් දෙමව්පියන්ගේ ප්‍රශංසාවට පවා ලක් වූ කරුණක්.

නමුත් පසුගිය කාලය තුළදී ද රු වන්ගේ අධ්‍යාපනය අඩියක් හෝ පසුපසට යාමට හේතු වූ උද්ඝෝෂණ ඉල්ලීම් දිනා ගැනීම් ආදිය නිසා ගුරු ප්‍රජාව කෙරෙහි සමාජය තුළ තිබූ ආකල්පය යම් ආකාරයෙන් අයහපත් අතට හැරී තිබිණි. නමුත්, ගුරු තරුවලට නැවත පායන්න අවස්ථාවක් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වීම හරහා උදා වී ඇත. ගැටුම් සමඟ සමාජය ඉදිරියට යා යුත්තේ ප්‍රතිස්ථාපනය වීමෙනි.එනම් නැවත හැඩගැසීමෙනි. මේ හැඩගැසීම යහපත් අනාගතයක් ද රු ව න් ට උදා කරනවන හැඩගැසීමක් වේවා යන ප්‍රාර්ථනාව සෑම වැඩිහිටියෙකුගේම සිත් තුළ ඇත.

ද රු ව න්ගේ මානසික ආතතිය මුදා හැර එකට එක්ව පාසැල් ගීය ගයන වත්මනක් අපට හිමිය. මෙහි සාර්ථකත්වයේ ගෞරවය රටේ සෞඛ්‍ය අංශ හා රජයේ නිර්භය ඍජු වැඩපිලිවෙලට හිමි වන්නේය. ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නොව ද්වීතීක සහ උසස් අධ්‍යාපනය යන කරණු ත්‍රිත්වයම සාර්ථක වනු දැකීමට අප සැම කැමතිය. නැවත වර්ජන ගර්ජන නො මැති රට වෙනුවෙන් වැඩ කරන සමාජයක් දැකීමට අප කැමතිය. ඒ වෙනුවෙන් වැඩි බරක් ගුරු ප්‍රජාව සතුය. එසේ වන්නේ අප දෙස බලා හැදෙන කුඩාවුන්ගේ ආකල්ප ගොඩනගන්නේ ඔවුන් නිසාය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්