Jan
2

යතුරු පැදිය පෙරලී ගොස් ගල් බැම්මක වැදී තරුණ යුවළ එතනම මිය යයි

 
2683 Views
   
 

තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක් අද (02) අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්රදේශයේදී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේදීම මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරගම වල්ගම ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21 ක තරුණයකු සහ මහනුවර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19 ක තරුණියක බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියෙන් පැමිණීමේදී වැල්මිල්ල හන්දිය පසුකරනවාත් සමඟම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් බෝක්කුව ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය විසිවී ගොස් අසල තිබූ ගල් බැම්මක වැදි මෙම අනතුර වී ඇතැයි පොලීසිය කියයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්