Feb
26

නාඩ්ගම්කාරයෝහි ලොකු හාමුදුරුවන්ගේ චරිතය තුළින් ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා කියන කතාව

 
786 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් පුංචි තිරයෙන් මෙන්ම රිදී තීරයෙන්ද අපට මුණගැසෙන ඉතාමත් විශිෂ්ඨ රංගන ශිල්පියෙකු තමයි රහල් බුලත්සිංහල කියල කියන්නේ. වර්තමානයේදී නාඩ්ගම්කාරයෝ ටෙලි නිර්මාණයේ ලොකු හාමුදුරුවන් ලෙසින් ජනප්‍රියත්වයට පත් ඒ මහතා මෙරට ජනතා ආකර්ෂණය හිමිකර ගන්නේ කෝපි කඩේ පොඩි මහත්තයා ලෙසින් බව නොරහසක්. කොහොම නමුත් තමන් විවිධ වෘත්තීන් ගණනාවක නියැලෙන අතරතුර කලා කටයුතුවලටද සම්බන්ධ වෙමින් සිය ආදරණීය බිරිඳ සමගින් සතුටින් කාලය ගත කරන බවයි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්ව කියල තිබුනේ

කෙසේවෙතත් මේවෙනකොට නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගෙන ඉන්න ඔහුනම් කියන්නේ මෙම චරිතය නිසාවෙන්ම තමන්ට තවත් නාට්‍යවල හාමුදුරුවන්ගේ චරිත හයකටම ආරාධනා ලැබුණා කියලයි. නමුත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයට අසාධාරණයක් වේ යැයි සිතූ නිසාවෙන් මම ඒවා ප්‍රතික්ෂේප කළා කියලයි ඔහු කියන්නේ

කොහොම නමුත් සාමකාමී නිවුණු චරිතවලට වගේම තරුණ කාලයේදී චණ්ඩි චරිත, පාතාල, මැර චරිත වලටත් සිය රංගන දායකත්වය ලබාදීමට ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා. ඊට කදිම නිදසුනක් ලෙස පාතාල සොල්දාදුවෝ නාට්‍යයේ ඇඩ්ඩින් අයියා නම් මැර චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ ඔහුයි. ඒ කොහොම උනත් වසර 43 ක රංගන ජීවිතය තුළ තමන් මේවෙද්දී ටෙලි නාට්‍යය විස්සකට හෝ විසි පහකට දායකත්වය ලබාදී ඇති බව කියන ඔහු කියන්නේ තමන් මේවෙද්දී චිත්‍රපටි 6කට හෝ හෝ 7කට පමණ සම්බන්ධ වී ඇති කියලයි

ඇත්තෙන්ම මේ විදිහට අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ වු ගමනක් යන ඒ මහතා රංගන ජීවිතයේ පමණක් නොවෙයි සැබෑ ජීවිතයේදීත් ඉතාමත් නිහතමානී චරිතයක්. කෙසේවෙතත් සැබෑ ජීවිතයේදී ආදරණීය සැමියෙකු ලෙස තමන් ජීවිකාව කරගෙන යන බව‍යි ඔහු කියන්නේ. මේ අතර ඔහුගේ බිරිඳ ගැන මේවෙද්දී අපේ රටේ නොදන්න කෙනෙකු නැති තරම්. ඇය තමයි කොමඩි චරිත වලට පණ පොවමින් අප කා අතරත් ජනාදරයට පත් ප්‍රවීණ රංගන ශිල්පිනිය වන සුසිලා කෝට්ටගේ මහත්මිය යි

කොහොමහරි ඉතින් ඇගේ රංගන කටයුතු ඔහු පැසසුමට ලක් කරන අතරම සුන්දර බිරිය යනුවෙන් චිත්‍රපටයක් හැදුවොත් ප්‍රධානම චරිතයට ගැළපෙන්නේ තම බිරිඳ බවයි ඒ මහතා කියන්නේ. ඒ වගේම තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමටත් තමාගේ එකම බලාපොරොත්තුව කියලයි ඔහු කියන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්