තිරුපති වන්දනාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පියාසර කළ පෞද්ගලික ජෙට් යානය ඔහුට ලබා දී තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රයෙක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.
අදාල සංචාරය සදහා අග්‍රාමාත්‍යවරයාට එම ජෙට් යානය ලබා දුන් එතුමාගේ මිත්‍රයාගෙ නම තමන් නොදන්නා බවද යෝෂිත රාජපක්ෂ පවසා තිබේ. අදාල ජෙට් යානය ලෙජසි 600 යනුවෙන් හදුන්වයි.
එම ජෙට් යානය කුලී පදනම මත ලබා දීමේ දී පැයකට අය කරනු ලබන ගාස්තුව ඩොලර් 6,700 ක් පමණ වන බව ද මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කරයි.