Mar
2

” මම මා ගැනම කැඩපත දෙස බලා ආඩම්බර වෙමි, මම තවමත් සියලු දුෂ්කරතා වලට එරෙහිව ශක්තිමත්ව සිටිමි” දිනක්ෂි එක් කළ අමුතු සටහන

 
728 Views
   
 

මෙරට කලාව තුළ ජනප්‍රියත්වයට පත් සමාජ ජාලා මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ළක්වන සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. වසර කිහිපයකට පෙරදී ඇය මෙරට කලා ක්ෂේත්‍රය සමගින් සම්බන්ධවන අතර රංගන ශිල්පිනියක ලෙසින් පමණක් නොවෙයි විවිධ ක්ෂේත්‍රයන් තුළින් ඇය මෙරට ජනයාගේ ආකර්ෂණය හිමිකරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඇයව අපට කලා ලෝකය තුළත් පෞද්ගලික ජීවිතය තුළත් තමන්ගෙම කියලා අරමුණු සාර්ථකව ඉටු කර ගත් චරිතයක් හැටියට අපට හදුන්වන්න පුලුවන්

කොහොම නමුත් දිනක්ෂි විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමගයි. ඒ බව මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒ විතරක් නොවෙයි දිනක්ෂි කියල කියන්නේ මේවෙද්දී පුංචි දියණියකගේ ආදරණීය මවක්. ඇත්තෙන්ම දෙමාපියන් වන සාරංග දිනක්ෂි යුවළ මේවෙද්දී ඉතාමත් සතුටින් කල්ගත කරනවා. කොහොම උනත් දිනක්ෂි කියල කියන්නේ සමාජ ජාලා මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් වන අතර ඇය නිරන්තරයෙන් සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ සිය අදහස් බෙදාගැනීමට කටයුතු කරනවා

කෙසේවෙතත් සමාජ ජාලා මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වන දිනක්ෂිට සහ සාරංගට පසුගිය කාලය පුරාවට සමාජ ජාලා මාධ්‍ය තුළින් විවිධාකාර විවේචනයන් එල්ල වෙන්නට පටන් ගත්තා. එලෙස එල්ලවෙන බොහෝමයක් විවේචන සදහා මේ නිහතමානී රංගන ශිල්පීන් යුවළ පිළිතුරු ලබා දීමට අමතක කලෙත් නැහැ. ඒ කොහොම උනත් සියලුම දේට ඉතාමත් හොඳින් මුහුණ දෙමින් ඔවුන් දෙදෙනා මේ වෙද්දි ජීවිතය තුළ සාර්ථක වෙලා තිබෙනවා

ඉතින් ඒ ගතකරපු අවුරුදු ගණනාව පුරාවට ම ඉතාමත් උපේක්ෂාවෙන් බලපු දිනක්ෂි පසුගිය දවසක හරි අපූරු ඡායාරූපයක් සමඟ තමන්ගේම මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණා. ඇය එහිදී සටහන් කර තිබුනේ මෙවැනි කතාවක්

“විවේචනයට ලක් වෙලා මා නොකල දෙයකට ගොදුරු ගොදුරුවීමේ සිට පසුගිය වසර පහ තුළ මිනිස්සු මට එල්ල කළ ගල් ගැසීම් සියල්ලම ඉවසා සිටිමි. මම තවමත් සියලු දුෂ්කරතා වලට එරෙහිව ශක්තිමත්ව සිටිමි. මම මා ගැනම කැඩපත දෙස බලා ආඩම්බර වෙමි. මොකද සියලු වෛරයන් මැද තවමත් මා අල්ලාගෙන සිටීම නිසයි . මට ඒක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් “

කෙසේ නමුත් ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට ජායාරූපයක් එක් කරමින් ඉංග්‍රීසි බසින් තමයි මේ දේ කියා සිටියේ. ඉතින් අපි මේ ආකාරයට අරගෙන ආවේ එහි සරල තේරුමයි. කොහොමහරි ඉතින් සිය ජීවිතයට පැමිණෙන අභියෝගයන්ට හොදින් මුහුණ දෙමින් ගමනක් යන ඇයට ඇගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්