Jun
1

ටියුෂන් ගිය 15 හැවිරිදි දැරියගේ මළ සිරුර ළිඳේ – කීපදෙනෙකු මත්පැන් බී දමාගිය වීදුරුත් හමුවෙලා

 
4898 Views
   
 

පෞද්ගලික උපකාරක පංතියකට ගිය වව්නියාවේ ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක දැරියකගේ මළ සිරුර ඇගේ නිවසට ආසන්නයේ පිහිටි ළිඳක තිබී නෙළුම්කුලම පොලීසිය විසින් ඊයේ ගොඩගෙන තිබේ.

මෙම දැරිය පෙර දිනයේදී පෞද්ගලික උපකාරක පන්තියකට ගොස් ඇති අතර ඇය රාත්‍රිය වන තුරුම ආපසු නොපැමිණීම නිසා මවුපියන් ඒ පිළිබඳව නෙලුකුලම පොලිසියට පැමිණිලි කොට ඇත.

පොලිසිය හා ගම්වාසීන් එක්ව මුළු රැය පුරාම අතුරුදන් වු සිසුවිය සෙවීමේ නිරත වූ අතර ඇය සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුව වව්නියාව පොලිසිය හා යුද හමුදාව පොලිස් නිල සුනඛයෙකු යොදවා කළ පරීක්ෂාවක දී අතුරුදහන් වූ සිසුවියගේ මළසිරුර, නිවසට මඳක් දුරින් පිහිටි ළිඳක තිබියදී සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ වව්නියාවේ ගනේෂපුරම් ගම්මානයේ පදිංචිව සිටි රසේන්ද්‍රන් යදුෂි නැමැති 15 හැවිරිදි දැරියකි.

දැරියගේ මළ සිරුර තිබූ ස්ථානයට නුදුරින් ගසක් මුල ඇගේ සෙරෙප්පු හා ඇඳුම් බෑගයක් ද තිබී පොලිසියට හමුවී තිබේ.

ඊට තරමක් දුරින් පිහිටි ස්ථානයක දී කිහිපදෙනකු මත්පැන් පානය කොට ඉතිරි කළ වීදුරු, කෑම හා බෝතල් පොලිසියට හමුවී ඇත.

අධිකරණ නියෝග මත මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නෙලුකුලම පොලිසිය, වව්නියාව මහ රෝහලට භාරදී තිබේ.

සිසුවිය මිය ගිය ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

නෙලුකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්