May
10

ජනතාව සංචරණය අඩු නොකළහොත් කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු අගවයි (වීඩියෝ)

 
1691 Views
   
 

ජනතාව සංචරණය සීමා නොකළහොත් මෙරට කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා.

මේ අතර, මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊයේ සමස්ත ආසාදිතයින් 2,672 ක් මෙරටින් හඳුනාගත්තා.

ඉන් 755 දෙනෙකු කොළඹින් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් 755 දෙනා අතර කැස්බෑවෙන් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිලියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකුද වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ 131 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 755 දෙනාට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකුද ඊයේ හඳුනාගත්තා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,312ක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් එකසිය අනූ දෙදෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එම ආසාදිතයින්ද සමඟින් මේ වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව පළමු වරට විසිදහසේ සීමාව ඉක්මවා යමින් මේ වනවිට සටහන් වන්නේ 20,642 ක් ලෙසයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 25,906 ක් වන අතර, එම ආසාදිතයින්ගෙන් එක්ලක්ෂ 4,463 ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබෙනවා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ ජනතාව සංචරණය සීමා නොකළහොත් තවදුරටත් වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මෙරට තුළ එන්නත් ලබාදීමේ කටයුතු අද දිනයේදීත් ක්‍රියාත්මකයි.

ඊයේ දිනය වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 925,242 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 96,546 ක්.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 6,034 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 2435 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,381 දෙනෙකු ලබාගෙන තිබූ අතර, ඊයේ දිනයේදී එහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,385 ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්