Apr
13

සිංහල අලුත් අවුරුද්දේ තවත් සමාජ සත්කාරක සේවාවක්…

 
1929 Views
   
 

උදාවෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇවන්ට්ගාඩ් ආයතනයෙ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙ සංකල්පයකට අනුව මිරිහාන, කෝට්ටෙ, මාදිවෙල සමෘද්ධිලාභී පවුල් 500 ක් වෙනුවෙන් රුපියල් 10000 ක වියලි ආහාර සලාක මල්ලක් ලබා දීම අද දිනයේදි සිදුවිය.

මෙම සහන මල්ල ලබා දීමෙ ප්‍රධානතම අරමුණ වූයෙ පවතින ආර්ථික අර්බුදයේදි ඉහළ ගොස් ඇති ජීවන වියදම හමුවෙ දූක් විඳින එම සමෘද්ධි ලාභි ජනතාවට අලුත් අවුරුද්ද නිදහසෙ සැමරීමට පිටුවහලක් වීම සඳහායි.

එමෙන්ම මෙම සහන මළු බෙදා දීමට මෙම ප්‍රදේශයෙ රැකියාව කරන ත්‍රීරෝද රථ 50 ක් යොදා ගත්තෙ එම ත්‍රීරෝද රථ සඳහාද රුපියල් 10000 ක දීමනාවක් ගෙවමිනි.

එමෙන්ම මෙම සමෘද්ධිලාභීන් තෝරා ගත්තේ ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරින්ගෙ නිර්දේශය මතය.

මෙවැනි අසීරු අවස්ථාවක දුක් විඳින ජනතාව වෙනුවෙන් ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති වැනි දානපතියකුගෙ මෙම වෑයම අතිශයින්ම ප්‍රශංසනීයය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්