Mar
11

ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය කොළඹ නගරයේ ඉදිකළ අති සුඛෝපභෝගි නිවසක සුභ මොහොතින් පදිංචියට ගිය හැටි

 
19615 Views
   
 

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවුණු අති දක්ෂ පිතිකරුවෙක් වගේම දක්ෂ පන්දු යවන්නෙක් තමයි සනත් ජයසුරිය කියන්නේ. ඇත්තෙන්ම මෙරට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඔහු ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ජයක්ග්‍රහන රැසක් හිමිකර දුන්නු ක්‍රීඩකයෙකු හැටියට අපට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ලෝකයක් හදුනන මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන්වන සනත් ජයසූරිය කලක් පන්දු යවන්නන්ට එලව එලව පහරදෙන පිතිකරුවෙකු ලෙස කටයුතු කළා ඔබට මතක ඇති. ඒ නිසාවෙන්ම සමහරු ක්‍රිකට් ක්‍රීඩාව පවා අතහැරියා

කොහොමහරි ඉතින් 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට රැගෙන ඒමට සනත්ගෙන් හිමිවුයේ විශාල සහයෝගයකුයි. ඒ බව නොරහසක්. කෙසේවෙතත් එදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මෙරටට ජයක්ග්‍රහන රැසක් ගෙන ඒමට වෙහෙසුණු ඔහු මේවෙද්දී ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගෙන තිබෙනවා. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු හැටියට ඔහුගෙන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමිවෙන්නේ සුවිශේෂ වු සහයෝගයක්

කොහොම නමුත් ක්‍රීඩාවට සමුදුන්නු සනත් මේවෙනකොට විශ්‍රාම සුවයෙන් පසුවෙන බවයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ නම රන් අකුරින් මුළු ලෝකය ඉදිරියේ සටහන් කළ මේ අපූරු ක්‍රීඩකයා ගැන අලුත් කතාවක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ. ඒ තමයි සනත් ජයසුරිය කියන මේ නිහතමානී චරිතය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා අලුත්ම අලුත් සුඛෝපභෝගි නිවසකට ගිහිල්ල තිබෙනවා කියන කතාව

ඉතින් ඔවුන්ගේ ආදරණීය පවුල මේ සුඛෝපභෝගි නිවසේ සුභ මොහොතින් ගෙවැදුණු ආකාරය තමයි අපි මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඇත්තෙන්ම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළකුත් අපට සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැකගන්නට ලැබුණා. මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් අපි ඔබ වෙත අරගෙන එන ගමන්ම සනත් සහ ඔහුගේ ආදරණීය කැදැල්ලේ සියල්ලට අපි උණුසුම් සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්