Jun
18

කිරිපිටි මිල ඉහළ දාන්න ඉඩ දෙන්නේ නෑ

 
1174 Views
   
 

පවතින කොවිඩ් උවදුර හමුවේ ජනතාව අපහසුතාවට පත්ව ඇති අවස්ථාවක ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර නොදෙන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙයට අමතරව ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරන ලෙසද ඉල්ලීම් කර ඇතත් ඒ සඳහා ද පවතින තත්ත්වය හමුවේ අවසර දී නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළයෑම, නැව් ගාස්තු ඉහළයෑම යන කරුණු මත මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩි කරන ලෙස ආනයනික සමාගම් ඉල්ලීම් කර ඇතැයි ද හෙතෙම කීවේය.

මෙම සියලූ කරුණු සැලකිල්ලට ගෙන මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම භාණ්ඩ වල මිල වැඩි නොකර එලෙසම පවත්වා ගෙන යෑම සඳහා එම සමාගම්වලට බදු සහන යම් ප‍්‍රමාණයක් ලබාදුන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්