පවුලේ 10 දෙනෙක් ඉන්න පවුලක අම්මා කෙනෙක් උනු උනුවෙ දුම් දාන සුදු කැකුළු බතුයි, පොල් සම්බෝලයි, බිත්තරේකුයි පිඟානකට දාලා මේසෙ උඩින් ගෙනත් තියනවා.
බාලම දුව කියනවා ‘මම අම්මාට හැමදාම කියනවා මට උනු උනුවෙ බත් කන්න බෑ කියලා’, ඊට පස්සේ වැඩිමල් දුව කියනවා, ඔයාට බැරිනම් නිකං ඉන්න මට ඕන උනු බත්. මද්දුමයාගෙ උත්තරේ තමයි මටනම් සම්බෝලයි බතුයි කාලා එපා වෙලා කියන එක. අක්කාගෙ පුතා හම්මෝ සම්බෝලයි බතුයි මරු මරු කියන කොට මද්දුමී අහන්නේ අම්මේ… මාළු නැද්දේ කියලා.
නෝනෙ මම මේ දවස් ටිකේ අමාරුවෙන් කරන්නෙ බිත්තර දවල්ට හැදුවා නම් හොඳයි නේද කියලා තාත්තා කියනකොට, සම්බෝලෙට කොච්චි දැම්මාද? එහෙනම් මට කන්න බෑ. මගේ බඩ දන්න ගන්නවා කියලා නෑනා කියනවා, මස්සිනා කියන්නෙ සම්බෝලෙට කොච්චි දැම්මෙ නැත්නම් මට එපා… කන එක දුං දාන්න කන්න ඕන කියලා
ඔය අළුත ගෙනාපු ඉටි රෙද්ද. උණුවෙන් තියලා ඕක පිච්චෙයි කියලා ලේලි කියනවා, බෑනා නම් කියන්නේ මටනම් කන්න වෙලාවක් නෑ ඕක ඔතන්නො කියලා. ලොකු අක්කාගෙ පොඩි එකා අම්මෙ මට ගුලි හදලා කවනවාද? කියලා අහනවා. නැන්දම්මා හැමදාම කියනවා සුදු බත් මට හොඳ නෑ කියලා. කෝ අහනවාද? කියලා දෝස්මුරේ. බාලයා කියන්නේ අම්මෝ මටනම් රතු බත් කන්න බෑ. ගල් කනවා වගේ කියලා. කවුරු මොනවා කීවත් අම්මා කියන්නේ එකෙක් කුස්සියට ඇවිත් ලූණු බිකක් සුද්ධ කරලා දෙන්නෙ නෑ. තියෙන විදිහට තමයි මම හැදුවේ. කන එකෙක් කන විදිහට කාපාං කියලා.
10 දෙනෙක් ඉන්න එක ගෙදරක බත් එහෙකට මෙහෙම විවේචන තියෙනවානම්…, මිලියන 22 ක් ඉන්න රටක ගෝඨාභය ජනාධිපතිතුමා තීරණයක් ගනිද්දි කොහොම විවේචන එනවා ඇද්ද..? (නිලන්ත සත්සර ගමගේ – හරියටම අවුරුද්දකට කලින් ලියපු එකක්. අද මෙය සැබෑවක් වී ඇත)