Oct
12

මුව ආවරණ නිකටේද පලඳන එක්තරා රටක මිනිසුන්

 
512 Views
   
 

අපි ගොඩක් වෙලාවට කරන්නෙ අනුන්ව විවේචනය කරමින් තමා වැරදි දේ කිරීමට. තුන් පාරක් වහපු රටක මිනිස්සු තාමත් පිස්සො වගේ හැසිරෙනවනම් ඒ ගැන කවර කථාද? කොරෝනා වසංගතයෙදි අපට අත්ය්වශ්ය සෞඛ්යමය උපකරණය මුව ආවරණය නම් ඒකත් නිකටට දානවනම් අපි කොහේ යන්නද? අපි මෙහෙම කිව්වෙ අද (11)කොළඹ ප්රධාන වෛද්ය නිලධාරී වෛද්ය විජයමුණි මහතා මාධ්ය අමතල කිව්ව දේවල් නිසා. ඔහු පහත දේවල් අපූරුවට විග්රහ කරමින් මෙහෙම කිව්ව සෞඛ්ය තත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට ඔහු අද දිනයේ කොළඹ ප්රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වු බව එහිදී බොහෝ පිරිසක් මුව ආවරණ නිකටේ පැලඳ සිටිනු දැකගත හැකි වු බව මෙය ඉතාමත් භ යානක තත්ත්වයක් බව.

2020.03.12 වන දින සිට මේ දක්වා කොළඹ නගරය තුළින් කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තා වු බව
එයින් පුද්ගලයින් 1,098ක් කොවිඩ් ආසාදිතව මි යගොස් ඇති බව ප්රතිශතයක් ලෙස ගත්විට සමස්ත කොවිඩ් ම රණවලින් 5%ක් කොළඹ නගරයෙන් වාර්තා වන බව. මේ ප්රධාන වෛද්ය නිලධාරී වෛද්ය විජයමුණි මහතාගේම වචන “කොළඹ නගරය තුළින් ගිය අවුරුද්දේ මාර්තු 12වනදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තා වෙලා තියෙනවා. ඒ තුළින් 1,098ක් මේ වන විට කොවිඩ්වලින් මි ය ගිහින් තියෙනවා කොළඹ නගරය තුළ. ප්රතිශතයක් හැටියට ගත්තාම කොවිඩ් ආසාදිතයින්ගේ ප්රමාණය 7%ක පමණ ප්රමාණයකුත් සමස්ත ම රණවලින් 5%ක් පමණ ප්රමාණයකුත් කොළඹ නගරය තුළින් වාර්තාවෙලා තියෙනවා මේ දක්වා. මම නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා විශේෂයෙන්ම කොටුව, පිටකොටුව යන ප්රදේශවල මොකද වෙන්නේ කියලා බලන්න. විශේෂයෙන්ම පළවන හරස් වීථිය දෙවන හරස් වීථිය, ප්රධාන වීථිය මේවාගේ අධික ලෙස ජනගහනය ගැවසෙමින් සිටිනවා. සමහරු තවමත් මාස්ක් එකක්වත් පලඳින්නේ නැතිව හෝ නිකට ට දාගෙන සිටිනවා. ඉතින් මේක ඉතාමත්ම භ යානක සිද්ධියක්. එන්නත්කරණය විතරක් නෙමේ අවසාන විසඳුම. අනිවාර්යයෙන්ම තවත් අවුරුද්දක් හෝ දෙකක් මේ නව සාමාන්යකරණය යටතේ අපිට ඉන්නට අත්යාවශ්ය වෙනවා.”

ඉතින් කවර කථාද? මේක තමා අද තත්වය. රෝගීන් පොඩ්ඩක් වැඩිවුණාමත් රජය විවේචනය කරන්නෙත් ඔය මුව ආවරණ නිකටෙ පලඳන මිනිස්සුම තමයි. අපේ හමුදාව වගේම සෞඛ්‍ය අංශ කැපවෙලා පාලනය කරල දීපු කොරෝනා කාට හරි ආපහු ඕනෙනම් ඇත්තටම ඒ ඔහු නම් පිස්සෙක් ඒ ඇය නම් පිස්සියක්. මෙවැනි පිස්සු මිනිසුන් සමග ජීවත්වීමට තරම් අපද අභාග්‍ය වීම ඔවුන්ගෙ නොව අපගේ අභාග්‍යකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්