Nov
21

ICC ප්‍රධානීන් මුණ ගැසීමට ඉන්දියාවට ගිය ධර්මදාස සහ රාජපක්ෂ ප්‍රතික්ෂේප වී ආපසු හැරේ.

 
433 Views
   
 

ක්‍රීඩා ඇමති තුමාගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සඳුදා දිනයේදීය අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අතරවාරයේ හොරෙන්ම ICC ප්‍රධානීන් හමුවීමට ඉන්දියාවට ගිය උපාලි ධර්මදාස සහ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ පුත් රඛිත රාජපක්ෂව හමුවීම ICCය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. දේශපාලන අතපෙවීම් හේතුවෙන් ICCය පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නට යෙදුණි.

ඒ අතරවාරයේ ඇමතිවරයා විසින් පත්කළ අතුරු කමිටුවට අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලද පසුබිමක, නීතියානුකූල බවක් නොමැති එම අතුරු කමිටු සාමාජිකයින්ව මුණ ගැසීම ICCය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ නීති විරෝධී වන බැවින් බව අපි කළ විමසීමකදී ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයකින් පත්වූ නීතියානුකූළ පාලක මණ්ඩලය පිළිගන්නා ICC ය ඔවුන්ගේ පරිපාලන කටයූතුවලට දේශපාලන අතපෙවීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. උපාලි ධර්මදාස මහතා සහ රඛිත රාජපක්ෂ මහතා මේ උත්සහය දරා ඇත්තේ ඇමති රොෂාන්ගේ අනුදැනූම ඇතුව ද බව අපැහැදිලිය. කෙසේ වෙතත්, ඇමතිවරයා අධිකරණයටද කරුණු වසන් කට බව සඳුදා පැවති නඩු විභාගයේදී ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්