Oct
27

ක්‍රීඩාවට අතදෙන කොරියානු රජය

 
457 Views
   
 

මාර්ග ගත ක්‍රමයට පැවැත්වූ ටෛකොන්ඩෝ තරගාවලිය පසුගිය දා පැවත්විණ. මෙරට කොරියානු තානාපති කාර්‍යාලය එය සංවිධානය කර ඇත. මෙහි සම්මාන ප්‍රධානය කාණ්ඩ 4 ක් ඔස්සේ සිදු වූ අතර, එය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු විය. ශ්‍රී ලංකා ටෛකොන්ඩෝ සම්මේලනයට සහ කොරියානු තානාපති වූජිං ජියෝන් මහතාටද ප්‍රසංසා ඵලක පිරිනැමිණ. හොඳම විනිසුරු වරුන් සඳහා වන සම්මානය Y.D. කුමාර ද සිල්වා ,W.A.D.M හසිත විරමතුංග මහතා, M.R. රත්නසේකර මහතා යන අයට හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකා ටෛකොන්ඩෝ සම්මේලනයට කොරියානු රජය විසින් උපකරණ ද ලබාදීම සිදුවිය. කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවති කොරියානු තානාපති කාර්‍යාල ටෛකොන්ඩෝ තරඟාවලිය හේතුවෙන් දෙරට අතර පවතින විදෙස් සබඳතාවන් තවත් ශක්තිමත් වූ බවත් , ඊට අමතරව ක්‍රීඩාවට කැමති හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන තානාපති කෙකෙකු අපට ලැබීම සම්භන්ධවත් සතුටු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මෙවැනි ක්‍රීඩා පැවැත්වීමට සහ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට කොරියානු තානාපතිවරයා ඇතුළු පිරිස ගන්නා උත්සාහයට ස්තූති වන අතර හදවතින්ම අගය කරනා බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

ඉදිරියේදී මෙම තානාපති කාර්යාලයේ සහාය ඇතිව පාසල් මට්ටමින් ටෛකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.රටවල් දෙක අතර රාජතාන්ත්‍රික බැඳීම් වර්ධනය වන ලෙස කටයුතු කිරීම හා ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදීම පිළිබඳ කොරියානු තානාපති තුමා ඇතුළු කොරියානු රජයට ශ්‍රී ලාංකිකයන් ලෙස හදවතින්ම සිතූති විය යුතුය. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්