Jun
23

අද රාත්‍රී 10 සිට නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු (වීඩියෝ)

 
1518 Views
   
 

අද රාත්‍රී 10 සිට බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙනවා. ඒ අනුව එය අවසන් වන්නේ 25 වන සිකුරාදා අලුයම 4ටයි. මේ අතර, රාත්‍රී 10 සිට දිවයිනටම බල පැවැත්වෙන පරිදි පැය 30ක කාලයක් සඳහා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම එහි අරමුණයි. ඒ අනුව යළි සංචරණ සීමා ඉවත් වන්නේ 25 වන සිකුරාදා උදෑසන 4ටයි. මාසයකට පසු සංචරණ සීමා පෙරේදා අලුයම හතරට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් සති අන්තයේ සංචරණ සීමා යළි පනවන්නේ ද යන්න පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරි දින කිහිපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබද අවසන් තීන්දුවක් ගන්නා බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ සංචරණ සීමා ඉවත් කළද අවදානම එසේම පවතින බවයි.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් රැගෙන යන බස් රථ පිළිබද සොයා බැලීම සඳහා අද සිට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් බස් මගීන් ලෙස යොදවන බවයි.

මේ අතර, සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 9ක රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සංඛ්‍යා ලේඛන හා සැසදීමේදී ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සහ රෝගීන් වාර්තා වීමත් සමාන්තර අගයක පවතින බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු කියා සිටියේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්