Aug
22

Online ගනුදෙනුවලට නව සීමාවන් පැනවීමක් කර නෑ මහ බැංකුවෙන් නිවේදනයක්

 
1103 Views
   
 

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නො මැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි එම නිවේදනය මගින් මහජනතාවට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්, ත හ න ම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බවයි.

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් පනවා නො මැති අතර එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අ ව ස ර ලබා දී ඇති බවත් මහජනතාව වෙත දන්වා සිටි බව මහ බැංකුව ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අ නිසි ලෙස භාවිතා කිරීම වැ ළැ ක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි අනාවරණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නිත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසටයි ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

මෙන්න බලන්න තවත් ගොසිප්