Aug
10

මංගල උත්සව සඳහා උපරිම සංඛ්‍යාව 50යි, පළාත් අතර සංචරණ සීමා දැඩි වෙයි, අලුත්ම නිවේදනය මෙන්න

 
1331 Views
   
 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් වනු ඇති. මේ අතර පළාත් අතර සංචරණ සීමා දැ ඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණයි.

මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නී ති ය පනවන්නැ යි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැ යි වාර්තා වූවා.

රෝගීන් සංඛ්‍යාව ශී ඝ්‍ර යෙ න් ඉහළ යාම සහ ම ර ණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නො හැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යාවශ්‍ය බව ද ඔවුන් රජයට දැනුම් දී ඇතැ යි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොවිඩ් ආ සා දි තයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනික ව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික ම ර ණ සංඛ්‍යාව ද සීයයකට ආසන්න වෙමින් තිබෙනවා.

ඉකුත් දින 13ක කාලය තුළ පමණක් කොරෝනා ම ර ණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ අතර, බොහෝ රෝහල්වල මෘ ත ශ රී රා ගාර ද කොවිඩ් මෘ ත දේ හ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතිනවා.

මේ තත්ත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නො හැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගවලට යාම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැ යි දැනගන්නට තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්