Mar
12

ජනප්‍රිය නිළි මහේෂි මධුසංකා සිය ආදරණීය මවගේ උපන්දිනය ජයටම සැමරූ හැටි

 
2082 Views
   
 

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ළක්වන සුන්දර රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියල කියන්නේ. කොහොම නමුත් කලක් මෙරට පුංචි තිරය ඔස්සේ නිතරම වගේ දැකගන්නට ලැබුණු මහේෂිව කාලෙකට පස්සේ අපට නැවත වරක් පුංචි තිරය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ” ඇය ” කියන ටෙලි නාට්‍යය ඔස්සේයි

කොහොම නමුත් මහේෂි මේවෙනකොට පුංචි පැටව් දෙන්නෙකුගේ සෙනෙහෙබර මවක්ද වෙනවා. ඒ කොහොම වෙතත් ඇය පහුගිය දවසක පුවත්පතකට අදහස් දක්වමින් ඇගේ වර්තමාන ජීවිතය ගැන ඇයට දැනෙන ආකාරය පිළිබඳ කියල තිබුණා. ඒ මෙලෙසයි

” මගේ ජීවිතේ දැන්නම් අංගසම්පූර්ණයි කියල මට දැනෙනවා. ඒකට හේතුව තෙනුලි සහ තෙනෝල් මගේ දරුවෝ දෙන්නා නිසයි. අයියට අවුරුදු 3 1/ 2 යි, නංගිට මාස 8 යි. සැමියාගේ රැකියාව එක්ක එයා සෑහෙන්න කාර්යබහුලයි. ඒත් ගෙදර ආවාම ගෙදර ඔක්කොම වැඩවලට වගේම මගේ වැඩවලටත් හරියට උදව් කරනවා. ස්වාමිපුරුෂයා කියනවාට වඩා එයා මගේ හොඳම යාළුවෙක් වගෙයි. මම ගෙදර ගොඩක්ම පොඩි අය එක්ක තමයි කාලය ගත කරන්නේ.” කියලයි

ඉතින් මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයව පුංචි තිරය තුළින් පමණක් නොවෙයි සිංහල සිනමාව තුළිනුත් අපට දැකගන්නට ලැබෙන අතර ඇය කලා ජීවිතය වගේම සැබෑ ජීවිතයත් සමබරව පවත්වාගෙන යනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් මහේෂි කියල කියන්නේ මේවෙද්දී සමාජ ජාලා මාධ්‍ය තුළත් සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා

කෙසේවෙතත් ඊයේ දිනය මහේෂි ඇතුළු ඇගේ පවුලේ අයට සුවිශේෂ දිනයක් බවට පත්වුණා. ඊට හේතුව වනුයේ මහේෂිගේ මවගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීමයි. ඇත්‍තෙන්ම ඇය සිය මවගේ උපන්දිනය සැමරීමටයි කටයුතු කර තිබුනේ. ඊට ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාත් එකතුවෙලා තිබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් ඇය සිය සමාජ ජාලා මාධ්‍යට එක්කර තිබුණා

ඉතින් මේ විදිහට සිය උපන්දිනය සමරන ජනප්‍රිය නිළි මහේෂි මධුසංකාගේ මවට අපිත් සුභපැතුම් එකතු කරනවා. ඒ වගේම ඉතාමත් සුන්දර විවාහ දිවියක් ගතකරන මහේෂි මධුසංකාගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්