Feb
12

තමන් උපයන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් සමාජ සේවා කටයුතු සඳහා යොදවන ජනප්‍රිය රංගන ශිල්පිනිය මිෂෙල් දිල්හාරා

 
1423 Views
   
 

මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ මේවෙනකොට ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ලාංකිකයන් හැමෝම වගේ ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. කොහොම නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කෙරෙහි මේ දිනවල ලාංකිකයන් සුවිශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඊට හේතුව වෙන්නේ ඇය මේ දිනවල සිය රංගන දායකත්වය ලබාදෙන පොදූ සීසන් 2 හි ඇය දුෂීගේ චරිතය නිසාවෙනුයි

කොහොමහරි ඉතින් ඇය පහුගිය දිනක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු පිළිබඳ කතාබහ කරල තිබුණා. ඉතින් මිෂෙල්නම් කියන්නේ තමන් සිය රංගන දායකත්වය ලබාදුන්නු අනෙක් චරිතවලට වඩා මේ චරිතය ටිකක් වෙනස් චරිතයක් කියලයි. ඒ වගේම මේක ටිකක් වෙනස් වැඩක් නිසා තමන් ආසාවෙන් භාරගත්තා කියල කියන ඇය කියන්නේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය තමයි ඇයට මේ සඳහා ආරාධනා කළේ කියලයි

ඒ වගේම කතාවේ හැටියට දුෂී කියල කියන්නේ ඇමැති කෙනෙකුගේ දුවෙක් බව කියන ඇය කියන්නේ එයා කෙලින් කතා කරන, සමාජයේ ගොඩක් දේවල් වෙනස් කරන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කියලයි. මේ අතර ඇය කියන්නේ දුෂීට මුණගැහෙන පුද්ගලයකු නිසාවෙන් ඇගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලයි. ඒ විතරක් නොවෙයි මේ ටෙලිනාට්‍ය තුළ ඇය තුන් ආකාරයකට වෙනස් වෙනවා කියලත් ඇය කියනවා. මේ කතාව තුන්කොන් ආදර කතාවක් බව කියන මිෂෙල් කියන්නේ දුෂී කියන්නේ එහි එක් කෝණයක් කියලයි

කෙසේවෙතත් මෙම ටෙලි නිර්මාණයට මේවෙනකොට ප්‍රතිචාර අනුව සීසන් 2ත් ගොඩක් ජනප්‍රිය වේවී කියලලු ඇය හිතන්නේ. ඒ වගේම පොදු සීසන් 2 වෙනස්ම ආකාරයකට නිර්මාණය කරන්න එහි අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා මහත්මිය උත්සාහ කළා කියලයි ඇයනම් කියන්නේ. පොදු සීසන් 1 හා සම්බන්ධ කතාවක් තමයි මෙහි තියෙන්නේ කියන ඇය කියන්නේ කලණ ගුණසේකර, ඓශ්වර්යා, රන්දික, ළහිරුණි සහ තමන් ඇතුළු පිරිස තමයි මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත කරන්නේ කියලා

ඇත්තෙන්ම අපට ඇයව වැඩිපුරම දැකගන්නට ලැබුණේ ගැමි චරිත, අහිංසක චරිත, නිහඬ චරිත ඔස්සේයි. නමුත් මේ ටෙලි නාට්‍යයේ චරිතය, හැසිරීම, කතා විලාසය සම්පූර්ණයෙන් වෙනස් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මිෂෙල් කියල කියන්නේ සමාජ සේවය සදහා කැපවෙලා වැඩකරන කෙනෙක්. ඇයනම් කියන්නේ තමන් උපයන මුදල්වලින් 60%ක්ම සමාජ සේවා කටයුතු සඳහා යොදනවා කියලයි. ඒ වගේම මම දැනට වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තියෙනවා කියල කියන ඇය කියන්නේ එය නඩත්තු කරන්නේත් ඇගේ මුදල්වලින් කියලයි

ඒ වගේම රංගනයෙන් ඇයට මුලින්ම සම්මාන ලැබුණේ 2019 රයිගම් ටෙලි සම්මාන උලළෙන් බවයි ඇය කියන්නේ. එහි හොඳම නැඟී එන නිළියගේ සම්මානය සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ රඟපාපු අයෝමාගේ චරිතයට ලැබුණා කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්