Aug
26

නිරෝධායන ඇදිරි නී තිය දීර්ඝ කරයි? තීරණය ලැබෙන හැටි මෙන්න – වීඩියෝ

 
1993 Views
   
 

පවතින නිරෝධායන ඇඳිරි නී තිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. සිකුරාදා දිනයේදී ජනාධිපති කාර්ය සාධක බ ල කාය රැස්වීමෙන් අ න තු රු ව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන ම රණ ප්‍රමාණයත් අනුව 30වනදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කිරීම හෝ නො කිරීම තීරණය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නො ලැබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා. සංචරණ සීමා පනවනු ලැබුවේ ජනතාවගේ සංචරණය සීමා කර රෝගීන් අලුතින් රෝගීන් ඇතිවීම වැ ළැ ක් වී ම වෙනුවෙන් වන අතර වෛරසය පැතිරීම වැ ළැ ක් වි ය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැ ළැ ක් වී ම තුලින් බව ද අසේල ගුණවර්ධන මහතා කියාසිටියා.

එබැවින් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුල හැකි තාක් නිවෙස්වලට වී සිටින ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ. එසේ නො මැති වුව හොත් ඉදිරියට ද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකීමට නො හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළා. දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ නිරෝධායන ඇදිරි නී තිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 4 ටයි.

මේ අතර, දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකේ තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළා.

මේ අතර, අතරමැදියන් විසින් රැස් කර සඟවා ගෙන සිටින සහල් තොග වැටලීමේ කටයුතු මේ වනවිට පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්