Nov
12

චීන පොහොර නැව ගැන අධිකරණය, ඇමති මහින්දානන්දගෙන් සහතිකයක් ඉල්ලයි

 
902 Views
   
 

හානිකර බැක්ටීරියා අන්තර්ගත බවට අනාවරණය වී ඇති චීන පොහොර නැව තුළ ඇති ‌මෙට්රික් ටොන් 96,000ක් පමණ වූ කාබනික පොහොර තොගය මෙරටට ගොඩ බෑමට ඉඩ නොතබන බවට කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේගෙන් අධිකරණයට සහතිකයක් ලබා දෙන ලෙස ඊයේ (11) අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

සෝභිත කරුණාරත්න සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉහත නියමය නිකුත් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්රය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

මෙම පොහොර තොගය භාර නොගැනීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණයට ප්රකාශ කළ අතර, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ රවීන්ද්රනාත් දාබරේ මහතා කියා සිටියේ, එලෙස රජය ප්රකාශ කර ඇත ත් එම පොහොර තොගය රැගත් නව විවිධ උපක්රම ඔස්සේ එය මෙරටට ගොඩබෑමට උත්සහ කරමින් සිටින බවත් නැව මේ වන විට ශ්රී ලංකා මුහුදු තීරයේ රඳවා ගෙන සිටින බවත් ය.

මෙහිදී විනිශ්චය මණ්ඩලය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අමතමින් ඉහත ප්රකාශය කර සිටියේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්