Jun
20

ඉන්දීය සේවකයින් සිටින, වත්තල කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 128ක්

 
1626 Views
   
 

ඉන්දීය ජාතිකයන් බහුතරයක් සේවය කරන වත්තල – හේකිත්ත ප්‍රදේශයේ යකඩ කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 128 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ආසාදිතයන් සිටින බවට සෞඛ්‍ය අංශ වෙත ලද තොරතුරක් මත හේකිත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ කර්මාන්තශාලාවට ගිය වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එහි සිටි සේවකයින් අහඹු කොරෝනා පරීක්ෂණයකට ලක් කළා.

එහිදී සේවකයින් 192 නෙකුගෙන් 128කට කොරෝනා වැළදී ඇති බවටයි හෙළි වුණේ.

ඉන් සාම්පල කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා රාගම වෛද්‍ය පීඨය වෙත යොමුකර තිබෙනවා. එමෙන්ම මෙම ආසාදිතයන් අතර, ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ද පරීක්ෂණ සිදුකරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය මෙරට සමාජයෙන් වාර්තාවී ඇති අවස්ථාවක රට, හෙට විවෘත කිරීම රෝග ව්‍යාප්තිය පාලනයට බාධාවක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කුරුණෑගල මහ නගර සභාවේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සේවකයන් 24 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නත ලබාගත් සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙනවා.

source – hiru news

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්