Jan
31

විදුලි කප්පාදුව ගැන තවත් තීරණයක් – නොරොච්චෝලේ ජාතික පද්ධතියට එක්කෙරේ

 
562 Views
   
Another decision on power cuts - Norochcholai joins national grid  

විදුලි කප්පාදුවක් සිදුකිරිම සම්බන්ධයෙන් අද (31) දිනයේ දි යළි සමාලෝචනයක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකරන බවය.

දෛනික විදුලි උත්පාදන කටයුතු සැළකිල්ලට ගනිමින් පසුගිය 27 වන දින සිට අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දුන්නේය.

කෙසේවෙතත් විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග බලාගාර වෙත ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ අතර මෙතෙක් අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබු නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය යළි ඊයේ (30) සිට ක්‍රියාත්මක කිරිමත් සමඟ අද සිට එය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිතය.

මේ අතර බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, පෙබරවාරි මාසයේ සිට විදුලි කප්පාදුවක් සිදුකරන බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බවය.

“අපිට තෙල් ගන්න මහා භාණ්ඩාගාරයෙන් තෙල් සංස්ථාවට මුදල් දුන්නා. හෙට අනිද්දාටත් දෙයි. සමහර අය හීන දැකලා කියනවා මේක පෙබරවාරි මාසයේ කපන්න වෙනවා කියලා. මට තේරෙන්නේ නෑ ඇයි එහෙම කියන්නේ කියලා. අපි ආණ්ඩුවක් ගත්තේ, විදුලිය කපන්න නෙමෙයි විදුලිය දෙන්න.”

කෙසේවෙතත් රටේ විදුලිබල පද්ධතියේ ඉල්ලුම හා සැපයුම අතර පවතින පරතරය විසඳීමට විදුලිබල මණ්ඩලයට නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

“විදුලිබල මණ්ඩලය මුදල් වියදම් කරලා තෙල් ආනයනය කරනවා නම්, නොමිලේ ම ප්‍රවාහනය කරලා ගබඩා කරලා ඔවුන්ට අවශ්‍ය තැනට නොමිලේම ගිහින් දෙන්න අපි සුදානම්. අපිට දැන් ප්‍රමාණවත් තොග තියෙනවා. හදිසියේම ඉල්ලපු නිසයි අපිට බැරි වුණේ ලබාදෙන්න.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්