පවතින කො විඩ් වසංගත තත්ත්වය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කො විඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළඳ සංගමය පවසනවා.
කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ කො විඩ් ආ සා දි තයින් වාර්තා වීම පාලනය කිරීම උදෙසා අදාළ තීරණය ස්වෙච්ජාවෙන් ගත් බව ද කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළඳ සංගමය පැවසුවා.
කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ගත වූ දිනය තුළ දී පුද්ගලයින් 200කට ආසන්න පිරිසකට කො විඩ් ආසාදිත ව ඇති බවට කිලිනොච්චිය වෙළඳ සංගමයේ නියෝජිතයින් සඳහන් කළා.
මේ අතර පවතින අ ව දා න ම් තත්ත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ද සුරකීම වෙනුවෙන් අනුරාධපුර නගරයේ සහ සියලු උප නගර වල කඩ සාප්පු සහ වෙළඳ සැල් වසා දැමීමට අනුරාධපුර වෙළඳ සංසදය ද තීරණය කර තිබෙනවා.