Jul
23

කාන්තාවන්ට නාන තොටේදී ඉඟිපාන තරුණයාට දුන්න අමතක නොවන පාඩම

 
3888 Views
   
 

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තරමක පිටිසර ගම්මානයකි. ඒ ගම් පියසේ ජීවත් වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ස්නානය කරන්නේ කැලෑබද ප්‍රදේශයක තිබෙන පිරිසුදු ජලය පිරී ඇති පොදු ළිඳකිනි.

කාන්තාවන් වැඩි පිරිසක් මෙම ළිඳට පැමිණෙන්නේ දවල් කාලයේය. කාන්තාවන් ස්නානය කරන අයුරු සිය දෙනෙතින් දැක බලාගැනීමට රුචිකත්වයක් දක්වන අනංගයෙක් ගමේ සිටියේය.

ඔහු ඒ සඳහා සෙමින් සෙමින් කැලෑ රොද තුළ සැඟවී සිට කාන්තාවන් ස්නානය කරන අයුරු දැකබලා සිත්සේ සතුටු විය.

දින කීපයක් ගත වන විට මේ බව ස්නානය කරන කාන්තාවන්ට දැනී ගියේය. එය කටින් කට පැතිර යාමට වැඩි දිනක් ගත වූයේ නැත. ගමේ තරුණ පිරිසකට ද මේ පුවත සැල විය. අමතක නොවන පාඩමක් උගන්වන්නට තරුණ පිරිස කතා කර ගත්හ.

ඔවුන් ද කාන්තාවන් ස්නානය කරන වේලාවක් බලා හෙමින් සීරුවේ ළිඳ අසල කැලෑ රොදක සැඟවී සිටියේ කළු තෙල් පුරවා ගත් භාජනයක්ද ඇතිවය.

ඔවුන් යනවිටත් අනංගයා කාන්තාවන් ස්නානය කරන අයුරු සැඟවී සිට නරඹමින් සිටියේය. අඩියෙන් අඩිය ඔහු වෙත ළඟාවූ තරුණයන්ගෙන් කෙනෙක් අනංගයා කළු තෙල් වලින් නෑ වූයේය.

ඔහු ගාල කඩා ගෙන දිව යන ගවයකු මෙන් දිව ගියේ තරුණයන්ගේ හූ හඬ මධ්‍යයේය.

මේ පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඉන් අනතුරුව ඔහු ගම අත්හැර ගියේ කිසිවකුටත් නොදන්වාය.

හික්කඩුව ඤාණදාස රන්මුතු
ලංකාදීප පුවත්පත…

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්