Oct
26

පාස්පෝට් පෝලිමේ ඇත්ත කථාව

 
1283 Views
   
 

මාසෙකටත් වැඩි කාලයක් අපේ රට කොරෝනා නිසා වහල තිබුණට පස්සෙ රට සාමාන්‍ය තත්වයට පත්වුණේ ඔක්තෝබර් 1දා කියන කරුණ ඕන කෙනෙක් දන්න දෙයක්. මේවකවානුවෙදි රජයේ ආයතන බොහොමයක් සාමාන්‍ය පරිදි වැඩකලෙත් නෑ කියන කරුණත් අපි දන්නව. අපේ රටේ බලපත් විදියට ගතයුතු අත්‍යවශ්‍ය සේවාවන් කීපයක් පවතිනව. ඒවා නම් රියැදුරු, වාහන ආදායම්, පුද්ගල හැදුනුම්පත, විදේශ ගමන් වෙනුවෙන් පාස්පෝට්. මේ සදහන් කරපු පලවෙනි කාණ්ඩ 3 ශ්‍රීලංකාව තුල අත්‍යවශ්‍ය වෙනව වගේම 4වෙනි කාණ්ඩය ඕනම රටකට ඕනම කෙනෙක් ඕනම වෙලාවක යනකොට ඕනම වෙනව මෙතනින් පුද්ගල හැදුනුම්පත ඇරුණම තියෙන අනිත් ඔක්කොම දේවල් අපි විසින් අදාල නිශ්චිත කාලයකදි අළුත්කර ගත යුතුම වෙනව. ඕනම සේවාවක් සාමාන්‍ය තත්වයෙන් නැතුව කිසියම් කාලයක් ක්‍රියාත්මක නොවුණම අදාල සේවාව ලබාගැනීමේදී තදබදයක් ඇතිවෙනව කියන කරුණ ස්වභාවිකයි. ඒ තදබදයෙන් කියවෙන්නෙ නෑ අදාල සේවාව වෙනුවෙන් අළුත් ඉල්ලුමක් ඇතිවෙලා කියන කරුණ . ඇත්තටම මේ පාස්පෝට් පෝලිමෙත් ඇත්ත කථාව ඒකම තමා. පහලින් දැක්වෙන්නෙ හොයල බලද්දි අපි හොයාගත්ත කරුණු කීපයක්.

වසරකට සාමාන්‍යයෙන් විදෙස් ගමන් බලපත් ලක්ෂ පහමාරක් පමණ නිකුත් කරන බව එහෙත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග 2020 වසරේ දී එය දෙලක්ෂ හත්දහස දක්වා පහත වැටුණු බව මේ වසරේ මුල මාස නවය තුළ ම ගමන් බලපත් අයඳුම්කර තිබුණේ දෙලක්ෂ විසිපන්දහසක් බව ඔක්තෝබර් මස වැඩ කළ දින 13ට ගමන් බලපත් 50 000ක් පමණ අයඳුම්කර ඇති බව. පාස්පෝට් අයඳුම් කිරීම ඉහළ ගිය හේතු මේ විදියට අපිට ගොනු කරන්න පුළුවන්
කොවිඩ් වසංගත තත්ත්වය සමග නැවත රටවල් විවෘත වීම. විදෙස් විශ්වවිද්‍යාල නැවත විවෘත වීම
මැදපෙරදිග රැකියා අවස්ථා නැවත ලැබීම. ඇමරිකානු ග්‍රීන්කාඩ් අයඳුම්පත් භාරගැනීම ඇරඹීම. යුරෝපයේ මැදපෙරදිග සහ ආසියාතික රටවල නව රැකියා අවස්ථා ලැබීම. මේ කියපු කරුණු හංගල විපක්ෂය සහ ඔවුන්ට ආවඩන විද්‍යුත් නලිකා කීපයක් බොරු පතුරවමින් ඉන්න බව අපිට බොහොම පැහැදිලියි. ඔවුන් කියන්නෙ මිනිස්සු රට අතෑරල යනව කියන බේගලය. පවතින පාස්පෝට් පෝලිමෙන් කියවෙන්නෙ එහෙම දෙයක් නම් අපිට මේ කරුණුත් මේ විදියට කියන්නත් පුළුවන්. තෙල් හිගයක් ඇතිවෙයි කියන බයෙන් පෝලිමේ තියෙන වාහන මිනිස්සු අළුතින්ම මිලදී ගෙන ඇති බව.

වාහන ආදායම්බලපත් පෝලිමට අනුවද අපේ රටේ අළුතින් වාහන මිලදීගෙන ඇති බව. මේකරුණු දෙකම ඇත්ත නෙමේ. ඒ අව්ස්තාවට අනුකූලව පෝලිමක් ඇතිවෙලා කියන කරුණ තමා අපි දන්න ඇත්ත. ඉතින් එදාවේල දුවන කිසිම සැලසුමක් නැති විපක්ෂය රටපුරා බොරු පතුරවමින් ඉන්නව. කිසිම අවබෝධයක් නැති කියන ඕනම දෙයක් පිලිගන්න සම-හරක් එකපාරටම ඕන කරුණක් පිලිගන්නව ඒක ඒගොල්ලන්ගෙ බුද්ධි මට්ටම. ඒකට අපිට මොනවත් කියන්නත් බෑ. ඔවුන්ට අපි අනුකම්පා කලයුතුයි. කෙනෙකුට බුද්ධිය දෙන්න තව කෙනෙකුට කොහොමත් බෑ. තමාම අවබෝධ කරගත යුතු වෙනව.

විපක්ෂයක් වගකිවයුතු ලෙස හැසිරිලා බලගතු ආණ්ඩුවක් ගෙදර අරින විදිය වත්මන් විපක්ෂයට මහින්ද රාජපක්ෂගෙන් ඉගෙනගන්න ගොඩක් පාඩම් තියෙනව. එදාවේල දුවමින් ඉන්න විපක්ෂයකට මිනිස්සු කොහොමත් ජනවරමක් දෙන්නෙ නැතිබව අවබෝධ කරගත යුතුම වෙනව. අපේ රටේ දැනට මතුවෙලා තියෙන ප්‍රශ්ණවලින් 90% වඩා ඇතිවෙලා තියෙන්නෙ ලෝකෙ පුරාවට පැතිර ගිය කොවිඩ් වසංගතය නිසා කියන කරුණ ඉතා පැහැදිලියි. ඒක කියන්නෙ නැතුව් කොලේ වහල කාඩ් සෙල්ලම් කලොත් විපක්ෂයට වෙන්නෙ හැමදාම “බූරුව” ගහන්න විතරමයි. “බූරුවා “ඇරුණම කාඩ් කුට්ටමේ තියෙන අනිත් වැදගත් ගේම් ටික සෙල්ලම් කරන්න නම් විපක්ෂය “කොලේ වහල ගහන” ගේම් එකෙන් ඉවත්විය යුතුම වෙනව. ඒ මොකද දන්නවද බූරු පිට්ටනියට පොලීසිය හැමදාමත් පනින නිසා සෙල්ලම් කරන්න වෙන්නෙ හරිම බයෙන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්