Aug
25

රුපියල් 2000ක් ඇති ද?

 
675 Views
   
 

නිරෝධායන ඇ දි රි නී ති ය බ ල පවත්වන දින දහය තුළ ජීවනෝපාය මාර්ග අ හිමි වූ ජනතාව වෙත රුපියල් දෙදහසක දීමනාවක් පිරිනැමීමට රජය තීන්දු කර ඇති අතර, ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එය ආරම්භ විය. ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් දීමනාව දිය යුතු දරු පවුල් තෝරා ගනු ලැබේ. මේ වන විටත් දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ලැයිස්තු සකස් කර ඇතැයි වාර්තා වෙයි. හැකි ඉක්මනින් ආධාර මුදල් ජනතාව අතට පත් කිරීම ජනාධිපතිවරයාගේ ඉලක්කය වී ඇත. ඒ සමඟම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමටත්, ජංගම රථ ඔස්සේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමටත් පියවර ගෙන තිබේ. රට වසා තැබුව ද ජන ජීවිතය අවුල් නො වීමට රජය ක්‍රියා කරගෙන යයි. එය සාධනීය තත්ත්වයකි.

විවිධ දේශපාලන කණ්ඩායම් වරෙක රට විවෘත කරන්නත්, තව වරෙක රට විවෘත කරන්නත් ඉල්ලමින් විරෝධතා දක්වති. එහෙත් මේ කිසිදු කණ්ඩායමක් රට වැසීමෙන් හෝ රට විවෘත කිරීමෙන් හෝ ඇති වන අතුරු පල ගැන කතා කරන්නේ නැ ත. ජනතාවාදි ආණ්ඩුවකට දේශපාලන කණ්ඩායම් කියන-කියන ආකාරයෙන් තීන්දු-තීරණ ගැනීමේ හැකියාවක් නැ ත. ආණ්ඩුවක් සමස්තය දෙස බලා රට වසා දැමිය යුතුය; සමස්තය දෙස බලා නැ වත රට විවෘත කළ යුතුය. මෙවර දින දහයකට රට පුරා නි රෝධායන ඇ ඳි රි නී ති ය පනවා ඇත්තේ ඒ ඔස්සේ ජීවනෝපාය අ හිමි වන ජනතාවගේ ගැටලුවට විසඳුමක් දෙමිනි. මීට පෙර රට වසා දැමුවේ ද ඊට අවශ්‍ය උපාය මාර්ග සකසමිනි. මෙතෙක් රජය දී ඇති ජනතා මූල්‍යාධාරවල ප්‍රමාණය රුපියල් කෝටි අටදහසකට වැඩිය. ඒ සියල්ල කො විඩ් සමයේ දිළිඳු ප්‍රජාවගේ ජීවත් වීම සඳහාය.

රටේ ආර්ථිකය සුභදායක තැනක නැ ති බව කවුරුත් වටහා‍ගත යුතු සත්‍යය වෙයි. ගෙවුම් ශේෂ ගැටලු, විනිමය සංචිත පිළිබඳ ගැටලු රජයට තිබේ. නිෂ්පාදනයේ කඩාවැටීම, ව්‍යාපාරික ප්‍රජාවගේ බිඳවැටීම, අපනයන හා සංචාරක ක්ෂේත්‍රයන් දුර්වල වීම වැනි ගැටලු ද රජයට තිබේ. පවතින වසංගත තත්ත්වය යටතේ මේවා යථා තත්ත්වයට පැමිණීමට ද කාලයක් ගත වනු ඇත. සමස්ත ආර්ථික චිත්‍රය දෙස බලන විට පෙනී යන්නේ අතිශය දුෂ්කර කාලයක් රටට කඩා වැදී ඇති බවය. තව අතෙකින් බලන විට මෙය ලෝකයටම පොදු තත්ත්වයකි. එය ලෝක ආර්ථික අර්බුදයක් ලෙස ද හැඳින්විය හැකිය. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව 1930 ගණන්වල පැවැති ලෝක ආර්ථික අර්බුදයට වඩා කල් පවතින හා ගැඹුරු ආර්ථික අවපාතයකට අපි මුහුණ දී ඇත්තෙමු.

රාජ්‍ය ආදායම් ශීඝ්‍රයෙන් පහළ යමින් හා අය-වැය පරතරය තවදුරටත් පුළුල් වෙමින් පවතින අවස්ථාවක ජනතා සහන වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම එක අතෙකින් පුදුම සහගතය! මෙබඳු අර්බුදකාරි අවස්ථාවක අපේ ආණ්ඩුවල පොදු න්‍යාය පත්‍රය වන්නේ ජනතාවට පටි තද කරගන්නට උපදෙස් දෙමින් සහන කපාහැරීමය. එහෙත් වත්මන් ආණ්ඩුව මේ වන තෙක් සහන කපාදැමීමකට ගොස් නැත. රාජ්‍ය සේවකයන්ට නියමිත පරිදි මාසික වැටුප් ලැබේ, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ලැබේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා කර්මාන්ත නඟා සිටුවීම සඳහා විශේෂ සහයෝගයක් රජය වෙතින් ලැබී ඇත. කො විඩ් නිසා ව්‍යාපාර හා කර්මාන්ත වසාදමන තත්ත්වයක් රටේ නැ ත. ව්‍යාපාර කඩාවැටීම යනු රටේ ආර්ථිකය කඩාවැටීමකි.

කො විඩ් වසංගතය ජය ගැනීම සඳහා ද, ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා ද සාමූහික ක්‍රියාවලියක් අවශ්‍ය බව හැම අතින් ම කියවේ. එහෙත් රට තුළ එබඳු සාමූහිකත්වයක් දක්නට නැ ත. ආණ්ඩුව හා නායකයන් අර්බුදයෙන් ගොඩ යෑම සඳහා තනි සටනක යෙදී සිටින බවක් දකින්නට තිබේ. වෘත්තීය සමිති වැඩවර්ජන හා විරෝධතා පවත්වයි. ඒ අතර කො විඩ් වසංගතය වේගයෙන් පැතිරෙයි. දේශපාලන කණ්ඩායම් රට වසා දමන්නැයි විරෝධතා පවත්වති. ඇතැම් විට ජනතාවගෙන් අපේක්ෂා කරන සහයෝගය පවා රජයට නිසි ලෙස ලැබෙන්නේ නැ ත. කො විඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගැනීමේදී ඇතැම් පිරිස් දක්වන නො සැලකිල්ලෙන් ඒ බව වටහාගත හැකිය. වයස අවුරුදු හැටට වැඩි විශාල පිරිසක් තවම එක එන්නත් මාත්‍රාවක් හෝ ගෙන නැ ත. මෙය අවදානම් සහගතය.

රටේ පවතින දේශපාලන විවේචන හා විචාර දෙස බලන විට ඒවා බොහෝ විට විහිළුකාර බව පෙනී යයි. රුපියල් දෙදහසේ දීමනාව ද ඒ අයුරින් විවේචනයට ලක් වන්න පුළුවන. විපක්ෂ නායකවරයා වරක් කියා සිටියේ කොවිඩ් සමය තුළ සෑම දිළිඳු දරු පවුලකටම මසකට රුපියල් විසිදහස බැගින් දිය යුතු බවයි. විපක්ෂ නායකවරයාගේ ආර්ථික දැනුම ඒ අනුව වටහාගත හැකිය. රුපියල් දෙදහසක දීමනාවෙන් පවුලක සියලු අවශ්‍යතා ඉටු කර ගත නො හැකි බව සැබෑවකි. මේ ආධාරයේ අර්ථය වන්නේ පවුලක ජීවන පැවැත්මට කිසියම් සහයෝගයක් දැක්වීමය. ඒ හැරෙන්න දිළිඳු දරු පවුල් මුළුමනින්ම නඩත්තු කිරීමේ හැකියාවක් ධනවත් රටවලට පවා නැත. වඩාත් සුදුසු ක්‍රමය වන්නේ ඔවුන් හැකි ඉක්මනින් ආර්ථික ගනු-දෙනු සමඟ සම්බන්ධ කිරීමය. ඒ සඳහා රට විවෘත කළ යුතුය.

ආර්ථිකය යථා තත්ත්වයට ගත හැක්කේ රට විවෘත කොට වෙළෙඳපොළ සක්‍රීය කිරීමෙන් පමණි. රට විවෘත කිරීමේ වගකීම රැඳී ඇත්තේ ජනතාව අතේයැයි කිව හැකිය. වසංගතය තවදුරටත් ශීඝ්‍රයෙන් පැතිර ගිය හොත් නිරෝධායන ඇ ඳි රි නී ති ය දීර්ඝ කිරීමට සිදු වනු ඇත. එය ව ළක්වා ගත හැක්කේ පරිස්සමෙන් ජීවත් වුව හොත් පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්