Aug
19

නිවසේ නිරෝධායනය වන අයට විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

 
1941 Views
   
 

කො විඩ් රෝගීන්ගේ ශී ඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ කෙරුණද එලෙස යොමුවූවන්ද රෝගී තත්ත්වය උත්සන්න වී මි ය යාමේ පුවත් මේ දිනවල වාර්තාවනවා.

මේ නිසා නිවසේ නිරෝධායනයවන අය මෙන්ම සෙසු ජනතාවද කොවි ඩ් රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්. මේ ඒ සඳහා කරන දැනුවත් කිරීමකි මේ.

කො විඩ් රෝගීන් මේ වනවිට ශී ඝ්‍ර ලෙස ව්‍යාප්තවීමේ අ ව ධා නමක් මතු වීමත් සමඟ රෝග ලක්ෂණ ඉතා අඩුවෙන් පෙන්නුම් කරන රෝගීන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ කෙරුණේ බ ර ප ත ල තත්ත්වයේ පසුවන රෝගීන්ට රෝහල්තුළ ඉඩ පහසුකම් ලබාදීමේ අරමුණ ඇතිවයි.

ඒ නිසා ඔබත් නිවෙස් නිරෝධායනය වන්නේ නම් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට වගබලා ගත යුතුයි. නිවසේ සිටින ඔබට, විවේකීව සිටියදී හෝ සුළු මහන්සිවීමකින් පසු හුස්ම ගැනීමේ අ ප හ සු තා ව ක් හෝ හතියක් ඇතිවන්නේ නම් වහාම රෝහල්ගතවීමට වගබලා ගත යුතුයි.

එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සිවීමකින් පසු 96%කට වඩා අඩුවේනම් එයද නිවසේ රැඳී සිටීමට සුදුසු තත්ත්වයක් නො වේ. යම් පුද්ගලයෙකු නිවෙස්ගත කො විඩ් 19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියේ ලියාපදිංචි වීමෙන් පසු මෙවන් තත්ත්වයක් ඇතිවුවහොත් වහාම අදාළ වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි.

ඉන් පසු එම වෛද්‍ය කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු රෝගියා රෝහල් ගත කිරීමට කටයුතු කරනු ඇති. රෝහල් ගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ගතවන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අ ප හ සු තා ව පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් හුස්ම ගැනීමේ අ ප හ සු තා ව අවම කරගැනීමට හැකියි.

1. විනාඩි 20 – 30ක් මුනින් අතටද,
2. විනාඩි 20 – 30ක් දකුණු ඇලයටද,
3. විනාඩි 20 – 30ක් වාඩිවී
4. විනාඩි 20 – 30ක් වම් ඇළයටද ස්ථානගතවීමෙන් මෙම අ ප හ සු තා ව අවම කරගත හැකියි.

කෙසේ වෙතත් ගර්භණී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයින් විසින් මෙම ඉරියව් මඟ හැරිය යුතු බවත් ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කරුණවන්නේ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගනිමින් එම උපදෙස්වලට අනුකූලව රෝහල් ගතවීමට කටයුතු කිරීමයි.

මේ අතර කො විඩ් ආ සා දි ත ය න් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ කළමනාකරණය සඳහා අද සිට නව ක්‍රමවේයක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ඔස්සේ ක්‍රියාත්මකවන අතර 1904 දුරකථන අංකයට ආ සා දි ත ය න් ගේ තොරතුරු යොමු කළ යුතුයි.

ශ්වසන අ ප හ සු තා සහිත රෝගියෙක් නම් – A (space) , උණ තත්ත්වය ඇති රෝගියෙක් නම් – B (space) , කිසිදු රෝග ලක්ෂණයක් නො මැති රෝගීන් – C (space) ලෙස සදහන් කර වයස (space) ජාතික හැඳුනුම්පත් අංකය (space) හා ලිපිනය සඳහන් කර 1904ට කෙටි පණිවුඩයක් යොමු කළ යුතුයි.

ඒ අනුව එම තොරතුරු කො විඩ් 19 රෝගය පැතිරීම වැ ළැ ක් වී මේ මධ්‍යස්ථානය විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලබනවා.

රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයකින් පසු 247 කෙටි දුරකථන අංකය මගින් ඔවුන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය ගිලන් රථ හා සේවා පහසුකම් සැපයීම හෝ නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන සමඟ 1390 දුරකථන අංකය ඔස්සේ පහසුකම් සැලසීමටයි පියවර ගෙන ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්