Nov
12

මෙවර අයවැයේ අභියෝගය

 
1459 Views
   
 

2022 අයවැය ලේඛනය ඉදිරිපත් වන්නේ අතිශය සංකීර්ණ හා අභියෝගාත්මක පසුබිමක් යටතේය. මේ මොහොතේ ආර්ථික විශේෂඥයන් දෙන ප්රධාන උපදේශන දෙකක් පවතී. පළමු උපදේශනය වන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතුය යන්නය. දෙවන උපදේශනය වන්නේ රාජ්ය ආදායම් ඉහළට ගැනීම සඳහා පියවර ගත යුතුය යන්නය. මේ උපායමාර්ග දෙක සාර්ථක කර ගත හොත් ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ඇති කර ගත හැකිය. නිෂ්පාදන ආර්ථිකයේ දී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ අපනයන ක්ෂේත්රය කෙරෙහි බව ද සඳහන් වී ඇත. අපනයන ක්ෂේත්රය ශක්තිමත් කළ හොත් විදේශ විනිමය ගැටලුවට ද විසඳුමක් ලැබේ. 

රාජ්ය ආදායම් වර්ධනය කර ගැනීමේ දී ඍජු බදු හා වක්ර බදු යන ක්රමවේද දෙක කෙරෙහිම අවධානය යොමු කරන්නට සිදු වේ. ජනතාවගේ පැත්තෙන් බැලූ කල වැඩිම අවධානය යොමු වී ඇත්තේ ජීවන වියදම කෙරෙහිය. බඩු මිල ශීඝ්රයෙන් ඉහළ යෑම හෝ උද්ධමනය හෝ ලෙසින් එය විග්රහ කළ හැකිය. ජගත් ආර්ථික ආයතනවල වාර්තාවලට අනුව මේ වසර තුළ ලෝක ආහාර මිල 30%කින් වැඩි වී ඇත. 

ඉදිරියටත් ලෝකයේ බඩු මිල ඉහළට මිස පහළට ගමන් කරන බවක් අපේක්ෂා කළ නොහැකිය. සැපයුම් ජාල, ප්රවාහන සේවා අවුල් වී ඇති අතර, නිෂ්පාදන ධාරිතාව පහළ බැස තිබේ. ඉන්ධන, ගෑස්, කිරිපිටි හා තවත් ආනයන භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් දේශීය වශයෙන් කළ හැකි බලපෑමක් නැත. ඒ අනුව එකී භාණ්ඩවල ලෝක මිල ගණන්වලට හුරුවීමට අපට සිදු වනු ඇත. මීට අදාළ ජනතා සහන දීමට නම්, රජය විශාල වැය බරක් දැරිය යුතුය. විදේශ විනිමය උපයා ගැනීම හා විදේශ ණය හා පොලී ගෙවීම රජය මුහුණ දෙන තවත් ප්රධාන ගැටලුවකි. ඉන්දියාව, චීනය හා බංග්ලාදේශය යන රටවලින් අලුත් ණය ලබාගෙන ඇත. 

ඒ හැරෙන්නට පසුගිය ආණ්ඩුව ගත් විශාල ණය ප්රමාණයක් ද ගෙවීමට තිබේ. ලබන වසරේ ජූලි පමණ වන විට ඩොලර් බිලියන හතරක පමණ ණය ගෙවීමක් සිදු කළ යුතු බව පුරෝකථනය වී ඇත. ශ්රී ලංකාවේ ආර්ථිකයට අනුව එය විශාල අභියෝගයකි. ණය ගෙවීම සඳහා විදේශ විනිමය වැය කරන විට අත්යවශ්ය ආනයන සඳහා විදේශ විනිමය අලුතින් උපයා ගැනීමට සිදු වේ. ආර්ථික කළමනාකරණය පහසු නැත. ඩොලර් උපයා ගැනීම ද පහසු නැත. ආර්ථිකය විවේචනය කිරීම පහසුය. එය ශක්තිමත් කිරීම අපහසුය. වසර විසිපහක් පුරාවට ඔඩු දුවමින් පැවැති ගුරු-විදුහල්පති වැටුප් විසමතාව මෙවර අයවැයෙන් විසඳීමට නියමිතය. 

විරෝධතාකරුවන් ඉල්ලා සිටි පරිදි හිඟ මුදල් ගෙවීමට මුදල් අමාත්යවරයා එකඟ වී ඇත. එය ලබන ජනවාරියේ ක්රියාත්මකය. වෘත්තීය සමිති සිය විරෝධතා හා අකුරට වැඩ කිරීම නවතා දමන්නට තීරණය කර තිබේ. අධ්යාපනය රටේ වැදගත්ම අංශයක් වන අතර, එය අවුලකින් තොරව ක්රියාත්මක වීම ඉතා සුබදායක තත්ත්වයකි. මෙවර අයවැය සුබදායක ආරම්භයක් ගෙන ඇති බව පෙනෙයි. එය තවදුරටත් රට ගොඩනංවන වැදගත් අයවැයක් වනු ඇතැයි බොහෝ දුරට විශ්වාස කළ හැකිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්