Feb
16

” චිරන්ත අපේ පවුලේ හැම කෙනෙක්ටම හරිම ලෙන්ගතුයි මගෙයි මල්ලිගෙයි වැඩ වලටත් ගොඩක් උදව් කරනවා ” කාවින්ද්‍යා කියන කතාව

 
849 Views
   
 

කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ වර්තමානයේ කා අතරත් කතාබහට ලක්වෙන කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන සුන්දර තරුණියක්. ඇත්තෙන්ම ඇය කාගේ කවුද කියන දේ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් කාවින්ද්‍යා කියල කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී සමීතා මුදුන්කොටුවගේ සහ ගායන ශිල්පී අතුල අධිකාරි මහතාගේ වැඩිමහල් දියණියයි. ඇත්තෙන්ම මෙරට කලාව තුළ කැපී පෙනෙන චරිතයක් වන කාවින්ද්‍යා අපට ගායිකාවක්, නර්තන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් ලෙසත් හදුන්වන්න පුලුවනි

කොහොමහරි ඉතින් මෙරට කලාව තුළ විදිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඇය සමාජ ජාල මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් ලෙසින් හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් කාවින්ද්‍යා සහ සමිතාගේ පවුලේ හැම කෙනෙක් ගැනම සමාජ මාධ්‍ය තුළ විවිධාකාර පුවත් හුවමාරු වෙනවා. ඇත්තෙන්ම එහෙම කතාවෙන ගොඩක් පුවත් ඇත්ත ඒවත් නෙවෙයි. ඉතින් මේ ආකාරයට පසුගිය කාලයේ කාවින්ද්‍යා ගැනත් එක එක විදියේ පුවත් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙන්න පටන් ගත්තා

කොහොම නමුත් මේ විදිහට හුවමාරු වු පුවත් අතරින් බොහෝමයක් බොරු ඒවා කියලත් කාවින්ද්‍යා කියල තිබුණා. ඇත්තටම කාවින්ද්‍යා බොහෝදුරට කටයුතු කරන්නේ තමන්ගේ හිතට දැනෙන මතක් වෙන දේවල් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රේක්ෂකයින්ට පැවසීමටයි. ඒ විතරක් නොවෙයි කාවින්ද්‍යා කෙලින් කතාබහ කරන කෙනෙක් වශයෙන් නමක් දිනාගෙන ඉන්නවා කිව්වොත් නිවැරදියි

ඉතින් මේවෙනකොට කලාව තුළ සුවිශේෂ නමක් දිනාගනිමින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන කාවින්ද්‍යා පසුගිය දිනක දැන් ගෙවන ජිවිතේ ගැන අලුත් විස්තර කතාබහ කරලා තිබුනේ මෙලෙසයි

” මන් ගැන කිව්වොත් මම කාගෙවත් දේවල් හොයන්නේ නැතුව මගේ වැඩක් කරගෙන කැමති විදියට ජිවිතේ විඳින කෙනෙක්. සමහර අයට මගේ ඇගේ ටැටූ එකක් කලත් ප්‍රශ්නයක් වෙලා තියනවනේ, කවුරු මොනවා කිව්වත් කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැත්නම් එක කරනවා. පුංචි කාලේ ඉඳලාම මම යුතුකම් වගකීම් එක්ක ජිවත් වුන කෙනෙක්. ජිවිතේ දුක සතුට හැමදෙයක්ම හොඳින් අත් දැකලා තියනවා.” කියලයි

ඒ වගේම මේ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියල තිබුනේ මෙහෙම කතාවක් ” පිටින් බලලා මිනිස්සු අපි ගැන කියන කතා වලට උත්තර දෙන්නේ නැහැ. කාටවත් කර, දරයක් නැතුව අපේ පවුලම හොඳින් ජිවත් වෙනවා. අම්මගේ හස්බන්ඩ් චිරන්ත අපේ පවුලේ හැම කෙනෙක්ටම හරිම ලෙන්ගතුයි. මල්ලිගෙයි මගෙයි වැඩ වලටත් ගොඩක් උදව් කරනවා. එයා හරිම හොද කෙනෙක් චිරන්ත අපේ පවුලට ශක්තියක් කිව්වොත් හරි.” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්