Jul
8

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අ’නතරු ඇඟවීමක්!

 
2266 Views
   
 

ඉදිරි දින කිහිපයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවේ විශාල ඉහළයාමක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අ’නතුරු අඟවනවා.

පසුගිය දිනවල පැවති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාල වී තිබූ කොරෝනා පරීක්ෂණ මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවීමත් සමඟ ඉතිරි ෆයිසර් එන්නත් තොගය ලබාදෙන කණ්ඩායම් පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය නිර්දේශ මත පමණක් තීරණය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

මේ අතර ඊයේ දිනයට අදාළව කොරෝනා ම’රණ 40 ක් සිදුව ඇති බව අද වාර්තා කිරීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 3,391 දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිතව සිටි 1,453 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාවක දෙලක්ෂ 39,584 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්