Jun
10

විශ්‍රාම වැටුප් ගෙවිම අද සිට

 
1233 Views
   
 

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) සහ හෙට (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි. එම කාර්ය සාධක බළකාය සඳහන් කළේ තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී ඇති බවය.

එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර විශ්‍රාම වැටුප් ගැනීම සඳහා යන පුද්ගලයින් හට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිමටද කටයුතු සකසා තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්