Aug
29

අහම්බෙන් වගේ රඟන්නට වරම් හිමිකරගත්ත නැට්ටුක්කාරී ඔෂිනි ශනායා ගෙවන ජීවිතේ

 
655 Views
   
 

අහම්බෙන් රඟපාන්නට පැමිණි අය ඕනෑ තරම් ඉන්නවා. පසුකාලීනව ඔවුන් අතරින් බොහෝ දෙනෙකු රඟපෑම වෘත්තියක් ලෙස කරනා අයුරු අපි දකිනවා. ඔෂිනි ශනායාද එවන් වූ තරුණියක්. නිළියක් වන්නට තුන් හිතකවත් බලාපොරොත්තුවක් ඇයට තිබුණේ නෑ. ඔෂිනිට අවශ්‍ය වූයේ නර්ථන ශිල්පණියක් ලෙස ස්ථාවර වන්න. එහෙයින් ඇය නර්ථන කණ්ඩායමක් නිර්මාණය කර ගනිමින් ප්‍රසංග සඳහා සහභාගී වෙමින් සිටියා.

එතැන් පසුව මොකද වුණේ? මම නර්ථන ශිල්පණියක් විදිහට අපේ කණ්ඩායමත් එක්ක ප්‍රසංග ගණනාවකට සහභාගි වුණා. ඔය අතරතුරදී මට අවස්ථාව ලැබුණා හිරු නාළිකාවේ සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයට නර්තන ශිල්පිණියක් විදිහට දායකත්වය ලබා දෙන්න. එතැනදි මට මුණගැහෙනවා අඛිල අබේරත්න කියන අධ්‍යක්ෂවරයා. ඔහු වඩාත් හඳුනන්නේ ටොලමි කියපුවම. ඔහු තමයි ගෞතම සිද්ධාර්ථ නාට්‍යයේ අධ්‍යක්ෂ. අඛිල මහත්මයා තමයි මට කිව්වේ රංගනයට එන්න කියලා. ඔහුගේ මගපෙන්වීම ඔස්සේ මම රඟපෑමට යොමු වෙනවා.

ඔබ රඟපෑ නිර්මාණ පෙළ මතක් කළොත්? ගොඩක රඟපෑවා. ප්‍රධානම නාට්‍ය ටික කියන්නම් චරිතත් එක්ක. නෝ පාර්කින් නාට්‍යයේ ටීනා, හොඳ වැඩේ නාට්‍යයේ ට්‍රිලීෂියා. අකුරු මැකී නෑ එකේ වත්සලා ටීචර්. සුන්දර ජරමර ඔෂිනි කියලමයි චරිතෙ කළේ. මේ දවස්වල එන්කවුන්ටර් එකේ උදාරිගේ චරිතය කරනවා.

අද වනවිට නර්ථනය අතහැරලාද? නර්ථන වැඩ කටයුතු කරන්න කෝ ප්‍රසංග. කොහොම වුණත් මට දිගින් දිගටම රඟපෑම පැත්තෙන් නිර්මාණ ලැබුණ නිසා මං ඒ පැත්තට යොමු වුණා. හැබැයි ඉන්න නර්ථනය කියන විෂයය මම අතහැරලා නැ හැ.

රපාන්න ගිහින් වෙච්ච අමතකම නො වන සිදුවීම ගැනයි මං ඊළඟට අහන්නේ? ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේදී මට අශ්ව කරත්තයක යන්න තිබුණා. ඒක මගදි පෙරළුණානෙ. වාසනාවට තුවාලයක් නම් වුණේ නෑ. ඒ සිදුවීම මට කවදාවත් අමතක වන්නේ නැ හැ. ඇඳුම් තෝරා ගැනීමේදී ඔබට වාරණ තියෙනවද, ශරීරය නිරාවරණය වන ඇඳුම් තෝරා ගන්නේ නැ හැ වගේ කියලා? නැ හැ ඇත්තටම එහෙම වාරණයන් නැ හැ. රංගන ජීවිතයේදී ඒ ඒ චරිතයට අනුව මම ඇඳුම් තෝරා ගන්නවා. ඒ වගේම පෞද්ගලික ජීවිතයේදීත් එහෙම තමයි. ඒක නිසා මට ඒ පිළිබඳ කියන්න තියෙන්නේ අවස්ථානුකූලව මම ඇදුම් අදිනවා කියන එක.

දැන් ඔබ රංගන ශිල්පිනියක් විදියට කාර්යබහුල වෙලා,මොකද ඒ ගැන කියන්න තියෙන්නෙ? ඇත්තටම රඟපෑම කියලා කියන්නේ සෙල්ලම් විෂයයක් නෙමෙයි. පිටපත බලාගෙන දෙබස් කියන එක රංගනය නෙමෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ මේක ඉතාම පුළුල් විෂයයක්. අනිවාර්යනේම මේක ඉගෙන ගන්න ඕනෙ. මම මේ වනවිට සිනමාකරණය පිළිබඳ ජාතික චිත්‍රපට සංස්ථාවේ කෝස් එක කරනවා. බොහෝ දෙනකු හිතාගෙන ඉන්නේ ටික් ටොක් වීඩියෝ කරපු පළියට රංගනයට එන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක මං විශ්වාස කරන්නේ නැ හැ. ඉතින් මට කියන්න තියෙන්නේ මේකෙ ඉන්නව නම් අනිවාර්යයෙන්ම රංගනය කියන දේ ඉගෙන ගන්න ඕනේ කියලා.

ඔබ ටික් ටොක් කරල නැද්ද? ටික් ටොක් ඇප් එක නම් තියෙනවා. මම එහෙම විශේෂයෙන් කියලා ටික් ටොක් කරලා නැ හැ. ඔෂිනිගෙ ගම කොහෙද? මම උස්වැටකෙයියාවේ. ඉගෙන ගත්ත පාසලත් මතක් කළොත්? ශාන්ත මරියා මහා විද්‍යාලය උස්වැටකෙයියාව. උපන්දිනයත් සඳහන් කරන්න? 1997 ජූලි 8 වැනිදා.

මොනවද ඉදිරි බලාපොරොත්තු? ක්ෂේත්‍රයේ සුපුරුදු විදිහට නිළියක් ලෙස ඉන්නවා. ඊට අමතරව මට තිර රචනයටත් හැකියාවක් තියෙනවා. ඒ පැත්තෙන් නිර්මාණකරණයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.

 

36

 

35

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්