Feb
26

” මාස තුනකට පස්සේ තමයි මම මගේ දියණියව ඇස් දෙකෙන් දැක්කේ, හැබැයි එයා පිලිගන්නේ නැහැ ඒ මම කියලා” ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන්

 
812 Views
   
 

මේවෙනකොට ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි කියල කියන්නේ. කොහොම නමුත් රංගන ශිල්පිනියක ලෙස රටම හදුනාගත් ඇය මේවෙද්දී රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. කෙසේවෙතත් පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන ඇය ගැන කතා කරනවානම් නිල්මිණි උපත ලබන්නේ 1965 වර්ෂයේ ජනවාරි 23 වන දිනයි

කොහොම නමුත් නිල්මිණි තෙන්නකෝන් කියන මේ චරිතය මේ වෙද්දි ශ්‍රී ලංකාවේ නොදන්න කෙනෙක් නොමැති තරම්. ඒ තරමට ඇය මෙරට ජනයා අතර ජනප්‍රියයි. කෙසේවෙතත් සිනමා නිර්මාණ රැසක් ඔස්සේ රටම හදුනාගත් ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස තමයි බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ. මේ අතර මෙම ජනප්‍රිය රංගන ශිල්පිනියගේ විවාහ දිවිය ගැන කතා කරනවානම් ඇය විවාහ වෙන්නේ ක්ෂේත්රයේ ජනප්‍රියම ගායකයෙක් වන මධුමාධව අරවින්දත් සමගිනුයි

කෙසේවෙතත් මේ වෙද්දි නම් ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන්වෙලා කියලා මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. ඒ වගේම මධුමාධව මේ වෙද්දි අලුත් ජීවිතයක් පටන් අරගෙන තිබෙනවා. නමුත් නිල්මිණී තාමත් තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ. ඒ ඇගේ දියණිය ශ්වේතා සමගිනුයි. ඇත්තෙන්ම නිල්මිණී සහ මධුමාධව යන දෙපළ පිළිබඳව කාලාන්තරයක සිට විවිධාකාරයෙන් කතාබහට ලක් වෙනවා

කෙසේ නමුත් අපි හැමෝටම අනිවාර්යයෙන්ම ජීවිතයේ අමතක නොවෙන සිදුවීමක් තිබෙනවා. එවැනි සිදුවීම් අමතක කරන්න හැදුවත් ඒ දේවල් අමතක කිරීමට අපට අමාරුයි. ඉතින් ඒ වගේ කදුලු කතාවක් ගැන නිල්මිණි පසුගිය දිනක සාකච්ඡාවක් සමගින් එක්ව ප්‍රකාශයට පත්කර තිබුණා. ඒ මෙලෙසයි

” මගේ ජීවිතේ මට අමතක කරන්න බැරි ම සිදුවීමක් තියෙනවා. ඒ මම රිය අනතුරකට මුහුණ දීලා මාස තුනක් විතර රෝහල්ගත වෙලා ඉන්නවා. හැබැයි ඒ වෙනකම් මගේ දියණිය මේ සිදුවීම ගැන දන්නෙ නැහැ. මගේ නංගි තමයි මම විදිහට මගේ දුවට කතා කරලා තියෙන්නේ. මාස තුනකට පස්සේ තමයි මම මගේ දියණියව ඇස් දෙකෙන් දකින්න. හැබැයි එයා පිලිගන්නේ නැහැ ඒ මම කියලා. ඒ මතකය මට හරි අමාරුයි අදටත්.” කියලයි

මේවෙනකොට නිල්මිණි තනියම තමන්ගේ ආදරණීය දියණියත් හදාගෙන ජීවත් වෙන ආදර්ශමත් මවක්. ඇත්තටම මේවෙද්දී ඇගේ දියණියට වයස අවුරුදු විස්සක් බවයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් මේ විදිහට දිරිය මවක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළත් කැපී පෙනෙන ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් ඇයට හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්