Dec
29

වෙරි මරගාතේ කාර් එක නවත්තපු තැන අමතක වූ ව්‍යාපාරිකයා පොලීසියේ පැමිණිල්ලකුත් දාලා

 
1631 Views
   
 

තම මිතුරන් සමඟ නත්තල් දිනයේ මත්පැන් පානයෙන් මත් වීමෙන් පසුව තම මෝටර් රථය නැවැත්වූ ස්ථානයේ අමතකවී එය සොරාගෙන ගොස් ඇතැයි පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියක් පසුගිය (27) වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේදී අනාවරණය විය.

මිනුවන්ගොඩ යකහටුව ප්රදේශයේ පදිංචි තරුණ ව්යාපාරිකයෙක් තම නැගණියට අයත් ලක්ෂ 90ක් පමණ වටිනා නවීන මෝටර් රථයෙන් මිතුරන් පිරිසක් සමග නත්තල් සාදයකට ගොස් ඇත.

මිතුරන් සමඟ හොඳ හැටි මධුවිත පානය කර ඇති මෙම ව්යාපාරිකයා රෑ බෝ වීමෙන් අනතුරුව නිවස බලා යෑමට මෝටර් රථයෙන් පැමිණ තිබේ.

මගදී කොත්තුවක් කන්න ඇතිවූ ආශාව නිසා ඔහු තම මෝටර් රථය මිනුවන්ගොඩ නගරයේ නවතා හෝටලයකට ගොස් කොත්තුව මිලදීගෙන පැමිණිය ද ඔහු නවතා ගිය ස්ථානයේ වාහනය තිබී නොමැත.

මත් ගතිය පහව යන තුරුම තම වාහනය සොයා ඇති ව්යාපාරිකයා සිය වාහනය හොරු රැගෙන ගොස් ඇති බවට මිනුවන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ. පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද වාහනය සම්බන්ධව සොයා බලා ඇති අතර පැමිණිලිකරු වාහනය නවතා ගිය ස්ථානය සහ ඒ අවට වාහනය තිබී නොමැත.

අතුරුදහන්ව ඇති වාහනය සම්බන්ධ සියලු තොරතුරු දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත ලබාදීමටද මිනුවන්ගොඩ පොලිසිය කටයුතු කර ඇත.

පැරණි බස් නැවතුම්පොළේ නවතා ඇති බව අතර හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් තිබෙන බවට පසුගිය 26 වැනිදා මිනුවන්ගොඩ පොලිසියට තොරතුරු ලැබී තිබුණි. ව්යාපාරිකයා ගෙන්වා එම වාහනය පෙන්වා සිටීමෙන් අනතුරුව එය තම නැගණියට අයත් වාහනය බව හෙතෙම හදුනාගෙන තිබේ.

සූර් පිට සිටියදී තමා වාහනය නවතා ගියේ එම ස්ථානයේ බවට පසුව මතක් වී ඇති බව අධිකරණයේදී සඳහන් විය. නීතීඥ මංගල වර්ණකුලසූරිය මහතා අධිකරණය හමුවේ එසේ පැවසීමෙන් අනතුරුව වගකීමක් ඇතිව හැසිරිය යුතු බවට ව්යාපාරිකයාට මිනුවන්ගොඩ මහෙස්ත්රාත් කේසර සමරදිවාකර මහතා අවවාද කරනු ලැබීය.

මෝටර් රථය හිමිකාරියට මුදාහරින ලෙස අධිකරණයෙන් නියම කෙරැණි. වැඩිදුර විමර්ශනය කර ප්රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පොලීසියට නියෝග කෙරුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්