Feb
18

” මේ වගේ චරිත වලට පණ දෙන්න මටත් වඩා ඇය කරන කැප කිරීමයි සෑහෙන්න වැදගත් වෙන්නේ” ජනප්‍රිය නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

 
880 Views
   
 

මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම කඩවසම් රංගන ශිල්පියෙකු තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියල කියන්නේ. කොහොම නමුත් වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපටයක් වන ගිනි මල් පොකුරු චිත්‍රපටය ඔස්සේ අපට ඔහුව දැකගන්නට ලැබෙනවා. කෙසේවෙතත් කාලයක් මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ යම් තරමක කඩාවැටීමකට ළක්ව තිබු අතර එම කඩාවැටීම යම් ප්‍රමාණයකින් ඉහළට ඔසවා තබන්නට මේ ගිනි මල් පොකුරු චිත්‍රපටයට හැකියාවක් ලැබුණා කිව්වොත් නිවැරදියි

කෙසේවෙතත් වැඩි,හිටියන්ට පමණයි චිත්‍රපටයක් වුවත් බොහෝ ප්‍රේක්ෂක ජනතාවක් මේ චිත්‍රපටය නරඹන්නට සිනමා ශාලා හරහා ඇදී එන්නට පටන් ගත්තා. ඒ කොහොම උනත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයට දායකත්වය දක්වන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන මේ කඩවසම් රංගන ශිල්පියා විසිනුයි. ඉතින් මේ ආකාරයට ඊට සිය රංගන දායකත්වය ලබාදෙන ඔහු පසුගිය දවසක හිරුත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා

කොහොමහරි හිරු නාලිකාවේම විකාශය කෙරෙන සිහින ගෙනන කුමාරියේ ටෙලි නාට්‍යයට රංගන දායකත්වය ලබාදෙන ඔහු කියන්නේ ඉහළම ප්‍රතිචාර මේ ඔස්සේ තමන්ට ලැබෙන බවයි. ඒ වගේම ගිනිමල් පොකුරු චිත්‍රපටයට හොඳ සහ නරක ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවාලු. කොහොම නමුත් මෙම සාකච්ඡාව අතරතුර ඔහුගෙන් විමසන කාරණාවක් වෙන්නේ රංගනය තුළ ඔබට සීමා නැතිද කියන කාරණාව. ඉතින් ඊට ඔහු ලබා දුන්නේ මේවගේ පිළිතුරකුයි

” සීමාවක් නෑ ඇත්තටම. හැබැයි එහෙම කියලා හැමදේම කරන්න යන්නෙත් නෑ. මම නිර්මාණාත්මක වටිනාකම, පිටපත, අධ්‍යක්ෂකවරයා, අනෙකුත් නළු නිළියන් කවුද ඔය වගේ කරුණු කිහිපයක්ම සලකලයි මම චරිතයකට මගේ රංගනය ලබා දෙන්නේ” යනුවෙනුයි

ඒ වගේම රසිකයෙක් හැටියට චිත්‍රපටය දිහා බලපුහාම නිර්මාණය සාර්ථකයි කියන තැන ඉන්න ඉසුරු කියන්නේ හොඳ සහයෝගයක් කාගෙනුත් තිබුණ නිසා සහ අධ්‍යක්ෂකවරයා හොඳ නිර්මාණයක් බිහි කරල තිබුණු නිසාවෙන් නිර්මාණය සාර්ථකයි කියලයි. ඒ වගේම වසංගතයත් එක්ක වෛරසය පැතිරී යාමත් සමග නිර්මාණය කටයුතු යම් අවස්ථාවක නතර කරන්න සිදුවුණා කියලයි ඔහු කියන්නේ

කෙසේවෙතත් මේ චිත්‍රපටයට ඔහුත් සමග රංගනයේ යෙදෙන්නේ මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන චූලාක්ශි රණතුංගයි. ඉතින් ඇය අභියෝගයක් බාර ගෙන මෙවැනි චරිතයක් ඉදිරිපත් කිරීමට යොමු වීම ගැන ඉසුරු කියන්නේ මෙහෙම කතාවක්

“අභියෝගයක් කියලා හිතෙන චරිත බාර ගෙන ඉස්සරහට යන්න කැමති කෙනෙක් ඇය. ඒ වගේම හැකියාව දියුණු කරගන්න කැමති කෙනෙක්. අපි ඔය කතා කරන තාරකාවක් කියන තත්ත්වය රැකගන්න ඒ වෙනුවෙන් වෙහෙසෙන්න උත්සාහ කරන කෙනෙක්. මම ඇයගෙන් දකින ගුණාංග ඒවා. නිර්මාණය පුරාවටත් ඇයගෙන් ලැබුණු සහාය ඉතාමත් ඉහළයි” කියලයි

ඒ වගේම චිත්‍රපටය ගැන අදහස් දක්වමි මේ ජනප්‍රිය රංගන ශිල්පියා කියා සිටියේ ” චිත්‍රපටවල රණ්ඩු වෙනවා, මරාගන්නවා, බනිනවා. හැබැයි ඒ ඇත්තටම නෙවෙයි. ඒව රඟපෑම්, මෙතනත් එහෙමයි අර විදිහට රණ්ඩු වෙන්නේ බැනගන්නේ ඇත්තටම තරහින් නෙවෙයිනේ. ඒකම තමයි මේ වගේ රංගනයන් තුළ තියෙන්නෙ ඒත් එක්කම කියන්න ඕන සෙක්ස් කියන්නේ ශරීර අවශ්‍යතාවයක්. බඩගින්න වගේ අත්‍යවශ්‍ය සාමාන්‍ය දෙයක්. රංගනය තුළ ඒක වෙනස් වෙන්නේ සවිඥානික සහ අවිඥානික බව කියන කාරණා එක්ක” කියලයි

කොහොම නමුත් මේවෙනකොට ඉසුරු විවාහයට සූදානමින් ඉන්න චරිතයක්. ඔහුගේ පෙම්වතිය තමයි තරින්ඳි. ඒ බව ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඉතින් ගිනි මල් පොකුර කියන මෙම චිත්‍රපටයට ඇගෙන් ලැබෙන සහයෝගය ගැන ඉසුරු කියන්නේ මෙහෙම කතාවකුයි

” ඇය මාවත් මගේ වෘත්තියත් ඉතාමත් හොඳින් තේරුම් අරන් ඉන්න කෙනෙක්. හුස්මචිත්‍රපටය ගැනත් ඇයගේ තිබුන හොඳ ප්‍රතිචාරයක්. ඊට පස්සේ තමයි ගිනි මල් පොකුරු.සාමාන්‍යයෙන් මේ වගේ චරිත වලට පණ දෙන්න මටත් වඩා ඇය කරන කැප කිරීමයි සෑහෙන්න වැදගත් වෙන්නේ. එහිදී නම් ඒ සාර්ථකත්වය ගෞරවය ඇයටයි. මට නිර්මාණ තෝරගන්න දීලා තියෙන නිදහස වෙනුවෙන් ඇයට ස්තූති කරන්න ඕනෙ. ඒ දරාගැනීමට ස්තුතියි කියලත් සඳහන් කරන ඔහු වෘත්තීය විදිහට මැරෙන තුරාවට රඟපෑමෙන් ඉහළට යන්නට බලාපොරොත්තු වෙනවා” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්