Dec
16

වැලිගම විදෙස් සංචාරකයින් සෞඛ්‍ය නීති කඩද්දී පොලිසිය නිදි

 
1197 Views
   
 

විදෙස් සංචාරකයින් සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය නොකර කටයුතු කිරීම හේතුවෙන් වැලිගම, මිරිස්ස නගරවල වෙළෙඳ ප්රජාව මෙන්ම ජනතාව දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි අප වාර්තාකරු පවසයි. 

වැලිගම නගරයේ සංචාරය කරමින් සිටින විදේශිකයින් මුව ආවරණ නොමැතිව ව්යාපාරික ස්ථානවලට ඇතුළුවීම සහ වැලිගම නගරයේ ජනාකීර්ණ ප්රදේශවල සැරිසැරීම නිසා එය බරපතළ තත්ත්වයක් බවට පත්ව තිබේ. 

මිරිස්ස නගරයේ සිට වැලිගම නගරයට පැමිණෙන විදේශිකයන් බස් රථවල ගමන් කරනුයේ ද මුව ආවරණ නොමැතිව බව අප වාර්තාකරු පැවසීය. 

ඔවුන් බොහෝ අවස්ථාවල බැංකුවලට ද ඇතුළු වන්නේ මුව ආවරණ සහ දෑත් පිරිසිදු නොකර බවට නිලධාරීහු චෝදනා කරති. මිරිස්ස සංනගරයේ සිට කිලෝ කිලෝමීටර් දහයක් පමණ දුර යතුරුපැදිවලින් මෙම විදේශිකයන් ගමන් කරනුයේද මුව ආවරණ නොමැතිවය. 

එම මාර්ගයේ පොලිස් නිලධාරීන් රාජකාරී කටයුතුවල නිරතව සිටින අතර ඔවුන් එම විදේශිකයන් මුව ආවරණ නොමැතිව ගමන් කරන විට ඉවත බලා ගන්නා බවට ප්රදේශවාසීහු බරපතළ ලෙස පොලිසියට චෝදනා නගති. 

ඊයේ (දෙසැ. 15) දින උදෑසන ගාල්ල-මාතර බස් රථයකට විදේශිකයින් මුව ආවරණ නොමැතිව ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී මගීන් ඊට විරෝධය පා ඇති අතර එය නොතකා ඔවුන් ඇතුළු වීමට උත්සාහ කර ඇති බව අප වාර්තාකරු පැවසීය. 

වැලිගම වෙළෙඳ ව්යාපාරිකයින් පවසන්නේ විදේශිකයින්ට මුව ආවරණ පැළඳ ගෙන එන ලෙස පැවසීමට තරම් තමන් භාෂාව නොදන්නා බවය. 

පොලිස් නිලධාරීන් නීතිය ක්රියාත්මක නොකරන්නේ ද මෙරටට ලැබෙන විදේශීය විනිමය අහිමි වීමේ අවදානම නිසා හෝ විදේශිකයන්ට ආමන්ත්රණය කිරීමට භාෂාව ගැටලුවක් වී ඇති නිසා බව ද එම ව්යාපාරිකයෝ පවසති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්