
චිරන්ත ගුණවර්ධන කියන්නේ මෑත කාලයේදී කතාබහට ලක්වුණු චරිතයක්. ටික් ටොක්,ෆේස්බුක් වීඩියෝ හරහා අතිශයින් ජනප්‍රිය වුණු චිරන්ත ගැන වඩාත් කතාබහක් ඇතිවුණේ ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සමග විවාහ වීම නිසායි. චිරන්ත – සමිතා ප්‍රේමයටා වේ වෙද්දි වසර දෙකකට පමණ ආසන්න වනවා. ඔවුන් Chirantha N Samitha නමින් යූ ටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යන අතර එහි ඔවුන්ගේ දෛනික ජීවිතයේ විශේෂ සිදුවීම් අන්තර්ගත වනවා. කෙසේවෙතත් පසුගිය දිනෙක චිරන්ත සහ සමිතාගේ යූ ටියුබ් නාලිකාවට ජයග්‍රහණයක් ලැබුණා. ඒ එහි සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කිරීම නිසායි. ඒ වෙනුවෙන් ඔවුන්ට සිල්වර් ප්ලේ බටන් එකද ලැබී තිබෙනවා.
එම ජයග්‍රහණය ඔවුන් මේ විදිහට සමරා තිබුණා.


