Nov
22

රෝහිණී කවිරත්නට “අසභ්‍ය වචන” කී කුට්ටිආරච්චිට එරෙහිව ආණ්ඩුවේම මන්ත්‍රීවරියන් පෙරට

 
1653 Views
   
 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කතානායකවරයාගේ අවධානයට යොමු කර තිබේ.

පසුගිය දා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සඳහන් කර ඇත්තේ, මීට පෙර අවස්ථාවල ද වාචික හිංසන තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බව ත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බව ත් ය.

නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක වීම තුළ එම ස්ථානය තුළදී ම හිංසනයට ලක්වන්නේ නම්, එමගින් පෙන්නුම් කරනුයේ සමස්ත සමාජයක පරිහානිය බව පෙන්වා දී ඇති එතුමිය, ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසන පිළිබඳව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන බව ද පෙන්වා දී ඇත.

සිය ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුන ම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යයන් කොටසක් ලෙස සමාජයීය වශයෙන් මෙන් ම ආගමික, සහ නීතිමය රාමු තුළ ත් අර්ථ දැක්වීමට උත්සහ කිරීම තුළින් හඳුනාගත හැකි බව ය

එබැවින් එය පැහැදිලිව ම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම්වල නිරත වීම අධෛර්ය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන බව ද ඇය පෙන්වා දී තිබේ.

කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝණය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ස්ථාපනය කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කතානායකවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දී ඇත.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජයීය ගැටලුවක් මෙන් ම, මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට අද පත්ව ඇති බවත් කායික, වාචික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑ ම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකි බව ඇය පෙන්වා දී තිබේ.

මෙහිදී කතානායකවරයාගේ විශේෂ අවධානයට ලක්කරමින් සඳහන් කර ඇත්තේ වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ද සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බව ය.

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට ‌තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කතානායකවරයාගේ අවධානය යොමු කරන ලෙසට පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිට ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්