Nov
9

ප්‍රභු පර්යන්තයෙන් ඇවිත් රාත්‍රීයේ සාදයකුත් දාලා

 
934 Views
   
 

ජාත්යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳව බරපතළ චෝදනා එල්ල වූ එමෙන්ම යහපාලන රජය සමයේ විපක්ෂයේ බරපතළ චෝදනා වලට ලක් වූ බ්රිතාන්යයේ ලයිකා මොබයිල් ව්යාපාර සමූහයේ හිමිකරු වන ශ්රී ලාංකික සම්භවයක් සහිත අල්ලිරාජා සුභාෂ්කරන් හදිසියේම පෙරේදා (07) මෙරටට පැමිණ තිබේ.

ඔහු ඊයේ (08) පෙරවරුව දක්වා දැඩි ආරක්ෂාවක් සහිතව කොළඹ තරු පහේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. මොහු පසුගිය යහපාලන රජය සමයේ ස්වර්ණවාහිනී මාධ්ය ජාලය ඇතුළු එදිරිසිංහ ට්රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් සමූහයේ දේපළ මිලදී ගැනීමට කටයුතු කළේය.

ඔහුට එම දේපළ විකිණීම සිදුව ඇත්තේත් ඒවා ලබාගෙන ඇත්තේත් නීතිවිරෝධී අයුරින් බව එම සමාගමේ අක්රමිකතා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාව මගින් නිර්දේශ ලක් කර තිබියදී මෙසේ නිරුපද්රිතව මෙරටට පැමිණීමද ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

දෙමළ ඩයස්පෝරාවට මුදල් පොම්ප කරන අයෙකු බවටද ඔහු චෝදනාවට ලක්ව සිටියේය. මේ අතර LPL තරඟාවලිය සඳහා සහභාගී වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද ඔහු විසින් ලබාගත් බව පසුගියදා අනාවරණය විය. ඔහු කටුනායක ගුවන් තොටුපළ හරහා මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අමුත්තන් භාවිතා කරන ප්රභූ පර්යන්තය හරහා බවද වාර්තා වේ.

පෙරේදා දිවයිනට පැමිණි ඔහු කොළඹ තරු පන්තියේ හෝටලයක සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වන අතර ඊට අමතරව ප්රභූ පැළැන්තියේ හා දේශපාලන චරිත කිහිපයක්ම එක්ව සිටි බවද දැනගන්නට තිබේ. එමෙන්ම ඔහු ඊයේ දිනයේ දී උතුරේ පුදුකුඩුඉරිප්පු ප්රදේශයට බලා ගුවනින් ගොස් එහි පිහිටි සුප්රකට දේවාලයේ පූජාවක් පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.

යහපාලන රජය සමයේ බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ EAP මාධ්ය ජාලය සදහා වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබූ දේශීය ව්යාපාරිකයෙකු නොසලකා හරිමින් සුභාෂ්කරන් හට ස්වර්ණවාහිනිය ප්රමුඛ EAP මාධ්ය ජාලය ලබාදීමට පසුගිය යහපාලන රජයේ බලවතුන් විසින් කටයුතු කරන ලදී.

යුරෝපීය LTTE ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වන සුභාෂ්කරන් ලොව බොහෝ රටවල මුදල් විශුද්ධිකරණය ගැන චෝදනා ලැබූවෙක් ද වෙයි. එමෙන්ම ලොව බොහෝ රටවල් සුභාෂ්කරන්ගේ ලයිකා මොබයිල් ජාලය අසාදු ලේඛන ගත කර ඇති අතර ඔහුගේ ව්යාපාර සමූහයටත් විවිධ සම්බාධක පනවා තිබේ.

මේ හේතුව නිසා ලොව බොහෝ රටවල් ඔහුට තම රටවලට ඇතුළු වීම සඳහා අවසර ලබා නොදෙන බවද වාර්තා වේ. සුභාෂකරන් 1972 වසරේ මුලදී වල් හිදී උපත ලබා තිබේ 2006 වසරේදී ලයිකා මොබයිල් සමාගම ආරම්භ කළ ඔහු මේ වන විට බ්රිතාන්යයේ දැවැන්ත ව්යාපාරිකයෙකු බවට පත්ව සිටියි.

ඔහුට අයත් Lycamobile Production ආයතනය 2008 වසරේ දී පිහිටුවා ඇති අතර දෙමළ චිත්රපටි රැසක් එමගින් නිෂ්පාදනය කර තිබේ. ඔහුගේ වත්කම් මේ වන විට පවුම් මිලියන 160කි. (රුපියල් මිලියන 28 793) ක් පමණ වන බවද වාර්තා වේ. සුභාෂ්කර් බ්රිතාන්යයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින්නේ 640 වන ස්ථානයේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්