Oct
27

අපි වෙනුවෙන් අපි එන්නත්කරණයට යොමුවෙමු

 
601 Views
   
 

දිනකට ම රණ ඉතා විශාල ප්‍රමාණයක් සිද්ද වුණ අපේ රටේ කොරෝනා පාලනය වෙනුවෙන් එන්නත්කරණය අතිවිශිෂ්ට සේවාවක් කරපු බවක් තමා අපේ නම් පිලිගැනීම. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කලේ සෑම දෙනෙක්ම එන්නත්කරණය කලයුතු බව. කොච්චර හොද දෙයක් අපේ සෞඛ්‍ය වෙනුවෙන් ලබා දුන්නත් මොනව හරි හේතු දක්වල ඒ දේවල් ලබානො ගන්න පිරිසකුත් අපේ රටේ තවමත් ඉන්නව. ඒ විතරක්නෙමේ එම දේවල් සාධරණීකරණය කරන්න විවිධ ප්‍රචාරත් සමාජය තුල පතුරනව.

තරුණ අය එන්නත්කරණය කලොත් ලිංගික බෙලහීනතා ඇතිවෙනව වගේම ගැබිණි මව්වරුන් එන්නත්කරණය කලොත් දරුගැබ විනාශ වෙනව කියන මිථ්‍යාව පසුගිය වකවානුවෙ සමාජගත කල මත දෙකක්. එන්නත ලබාදුන් මුල් අවස්ථාවල සමාජගත කරපු මේමත දෙක නිසා අපේ රටේ බොහෝ ජනතාවක් එන්නත්කරණයෙන් වැලකුණා කියන කරුණ අපි හොදටම අත්වින්ද. සෞඛ්‍ය අංශ බලවත් පරිශ්‍රමයක් දරල මේමත වෙනස් කරන්න උත්සහ කලාට මේව පිලිඅරගෙන එන්නත ලබානො ගත් පිරිසකුත් සමාජයෙ තවත් දුරට ඉන්න බව නම් විශ්වාසයි.

අන්න එහෙම ඉන්න උදවියට රජයෙන් අනතුරු දක්වල කියන පුවතක් මාධ්‍ය තුල වාර්තා වෙනව.ජනතාව එන්නත්කරණය සඳහා යොමු නො වන්නේ නම් ඉදිරියේදී නව නීති සම්පාදනය කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හරහා ජනතාවට දැනුම් දීමක් ලබා දීල තියෙනව. මේ සෞඛ්‍ය ඇමතිතුමාගෙ වචන, “කෙනෙකුට තියෙනවා තමන්ගේ ජීවිතේ ගැන අයිතියක්. හැබැයි ඔහුට අයිතියක් නෑ තව කෙනෙක්ගේ ජීවිතය අනතුරට ලක්කරන්න. එවැනි තත්ත්වයකට එනවා නම් අපට ඉදිරියේ දී නීති පනවන්න සිද්ද වේවි. , මුළු යුරෝපයේ ම මේ වනවිට ක්‍රියාත්මක වෙනවා වැක්සින් දෙකම නැ ති අයට පොදු ස්ථානවල දී ගැවසීම තහනම් කරලා ගෙනාපු නීතියක් .වැක්සින් එක ගන්න කියන එකට අපිට බලහත්කාරකම් කරන්න බෑ. ඒක ස්වෙච්චාවෙන් කෙරෙන්නේ. හැබැයි අපිට පොදු ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානයට යම්කිසි වෛරස් එකක් එනවා කියලා දැන දැන මේකේ කිසිම රැකවරණයක් නැ ති පුද්ගලයෙක් එතැනට ගෙනල්ලා දානවානම් එතකොට ඒකේ වගකීම රජයක් හැටියට අපටත් තියෙනවා. පුද්ගලයින් හැටියට ඔවුන්ටත් තියෙනවා. මේවගේ කරුණු පදනම් කරගෙන නීතිරීතිත් ඉදිරියේ දී ගේන්න සිද්ධවෙයි.” ඉදිරියේදී එන්නත්කරණය ලබානො ගත් ජනතාවට පහත සදහන් කරන දෙවල්වලට මුහුණ දෙන්න සිද්දවෙයි කියන කරුණ අපිට අනුමාන කරන්න පුළුවන්

පාසැල් තුලට ඇතුළු කරනො ගැනීම / රෝහල් තුලට ඇතුළුකර නො ගැනීම / පොදු ප්‍රවාහනයේදී බාධා ඇතිවීම /
බැංකු සහ සියළුම රජයේ කාර්‍යාලවලට ඇතුළු කරනො ගැනීම, මේ කිව්ව දේවල්වලට අමතරව ඕනෑම පුද්ගලික ව්‍යපාර හිමිකරුවෙකුට නීති පනවන්න පුළුවන් එන්නත්කරණය ලබානො ගත් ජනතාවට තමාගේ පරිශ්‍රයට ඇතුලුවීම වලකමින්. එන්නත ලබාගත් අයට ඩිජිටල් කාඩ්පතකුත් ලබා දුන්නට පස්සෙ එවැනි නීති ලෙසියෙන්ම ගේන්න පුළුවන් වෙයි.

වගකිවයුතු පුරවැසියන් හැටියට අපි වහාම එන්නත්කරණයට යොමුවෙලා අපේ සෞඛ්‍ය අංශවලට උපරිම සහයෝගය ලබාදියයුතු කාලයක් පැමිණිලා කියන කාරණාව අපි ඉදිරියේ තියෙන සාමුහික වගකීමක්. තුන්පාරක් වහපු රටක් වගේම අමාරුවෙන් හුස්ම ගන්න දගලන රටක ජනතාවක් හැටියට අපි අපේ වගකීම සහ යුතුකම නියමිත පරිදි ඉෂ්ට කරයි කියල අපි විශ්වාස කරනව. මේ කිසිම දෙයක් නීතිවලින් පාලනය කිරීමට වඩා අපේ ස්වකැමැත්තෙන්ම ඉෂ්ට කිරීම සිදුකලොත් ඒ ක්‍රියාව ඉතා වටිනව කියන කාරණය අපි විසින්ම මෙනෙහිකලොත් අපේ රට කොරෝනා පාලනයෙන් කවදාවත් ගිලිහිලා නො යයි කියල අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. (යූ. ඩී)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්