Jun
1

“පොත්ත සුදු වෙලා සල්ලි තියෙනවානම් නීතියත් නැවෙනවා කනේ වැලි ගෑවෙන්න” – පියුමිලා,චන්දිමාල්ලා, පුරපතිලා, ජොගින් බිරින්දෑවරු ඉස්සරහා නැවෙන නීතිය

 
2115 Views
   
 

එක රටක් එක නීතියක්.
ඇත්තටම එක නීතියක්ද..?
පසුගිය කාලේ පුරාවමට සිදුවුණු සිදුවීම්වලින් මෙය වචනයක් පමණක්ම බව පෙනී යනවා. එයට හොඳම උදාහරණය රටටම සංචරණ සීමා පනවා ඇති මොහොතක සිය උපන්දින සාදයක් කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වූ චන්දිමාල්ගේ සිදුවීම.

මෙම සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් පියුමි හංසමාලි සහ චන්දිමාල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 10 ක ශරීර ඇප ලබාදුන්නා.

හැබැයි අහිංසක ගමේ ගොඩේ මනුස්සයෙක් පාරට බැහැලා හදිස්සියකට ගෙදරට කන්න දෙයක් ගන්න කඩේ පිටිපස්සෙන් බඩු ටිකක් අරන් එන්න ගිහින් අහුවුණොත් දවස් 14 ක් නිරෝධායනය කරන්න යොමු කරනවා.

 

හැබැයි පියුමි හංසමාලිට චන්දිමාල්ට මේ නීති වලංගු නැතිවීම කණගාටුවට කරුණක්. ඇතැමුන් සමාජ මාධ්‍යයේ මෙයට කඳිම සටහන් තබා තිබුණා..

ඒ මේ විදිහට
“පොත්ත සුදු වෙලා සල්ලි තියෙනවානම් නීතියත් නැවෙනවා කනේ වැලි ගෑවෙන්න.. දුප්පත් මිනිහෙක් කඩේකට ගියා නම් පොලිසියෙන් උස්සගෙන ගිහින් කන්දකාඩු දාන්නේ.” මෙම සාදයට තවත් 12 දෙනෙකු සහභාගී වී ඇති බවත් ඔවුන්ව සීසීටීවී දර්ශන මගින් හදුනාගනිමින් සිටින බවත් පොලිසිය පැවසුවා. එසේනම් මෙම සාදයට ඔවුන් පැමිණියේ කෙසේද..? මාර්ග බාධක තිබියදී ඔවුන්ව පරීක්ෂාවට පත්නොවූයේ කෙසේද..? පොලිිසයට ලැබුණු තොරතුරක් අනුව සුපිරි හෝටලයට යන විටත් ඔවුන් පිටව ගොස් ඇති බව පවසනවා. ඒ විදිහට පිටවුණානම් ඔවුන් ගියේ උඩින්ද..? ඔවුන්ව කොටුකරගන්න බැරිවුණේ ඇයි…?

 

ඇත්තටම පොලිසිය විහිළු සපයමින් සිටින බව අපට පෙනී යනවා.
සාමාන්‍ය ජනතාවට වෙනත් නීතියක් සහ ප්‍රභූ පංතියට තවත් නීතියක් ක්‍රියාත්මක වන බව මේ කරුනුවලින් හොඳටම පැහැදිලි වෙනවා. පොඩි මනුස්සයෙක්ගේ අතින් නොදැනුවත්ව වරදක් වුණොත් කුදලගෙන අරගෙන යනවා.. හැබැයි සාදයට සම්බන්ධවුණු අය තවම සීසීටීවී දර්ශනවලින් හොයනවා. බඩ වියත රැකගන්න පුංචි කඩයක් මේ සංචරණ සීමා කාලේ විවෘත කරලා අහුවුණොත් නඩුත් දාලා කඩෙත් සීලා තියෙනවා. හැබැයි තරු පහේ හෝටල්වලට…?

 

අනෙක් නාඩගම තමයි කුරුණෑගල නගරාධිපතිගේ උපන්දින සාදය..
පොලිසියේ ලොක්කෝ හරි ආඩම්බරෙන් නගරාධිපති ගාවට වෙලා ඉන්නවා. හැබැයි ගෙදර එහා පැත්තේ පන්සලක් තියෙනවානම් ඒ පන්සලට යන්නත් බෑ.. ආගමික වතාවත්වල නිරත වෙන්නත් බෑ.. ගෙදර ඉදන් තමයි හැමදේම කරන්න කියන්නේ. කෝ මේ අයට නීතිය..
පොලිසියම කේක් හදලා, ඒ කේක් එක කපන්නත් ගිහින් ඔක්කොම වෙලා අන්තිමට ඒ ගැන පරීක්ෂණ කරන්නෙත් පොලිසියමයි.. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවට තමයි.. ඇයි ප්‍රභූන්ට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට එක නීතියක්..? යුනිෆෝම් එකක් ඇදගෙන ඉන්න මනුස්සයෙකුට තියෙන්න ඕනේ පෞර්ෂත්වයක්, ආත්මගරුත්වයක්.

 

ඇඟිලි පහම එක වගේ නෑ තමයි. හැබැයි පොලිසියේ නමනම් එන්න එන්නම කැත වෙනවා ඇරෙන්න හොඳයි කියලානම් අහන්න ලැබෙනවා අඩුයි. පසුගිය දවසක පොලිස් ලොක්කෙක්ගේ බිරිඳකට ජොගින් යන්න දුන්නේ නෑ කියලා පොලිස් පොඩ්ඩෙක්ව එහෙට මෙහෙට මාරු කරලා තිබුණා. ඒ වගේම පුත්තලම පැත්තේ සංචරණ නීති උල්ලංඝනය කරමින් ගමන් ගත් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ලබාගෙන තිබුණා.

 

මේවා ඉවර වෙන පාටක්නම් නෑ. කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ ජම්මෙන් ගෙනාපු පුරුදුනම් සමහර වෙලාවට වෙනස් කරන්න බැරිවෙයි.. හැබැයි මේවාට නිසි බලධාරීන් ක්‍රියාමාර්ග ගන්නවානම් යම්තරමකින් හෝ හොඳක් වෙයි කියලා හිතන්න පුළුවන්..

 

කොහොම වුණත් අන්තිමටම අපිට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලා තමයි..

 

hirugossip
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්