මනිෂා කියන්නේ මේ වෙද්දී තාරුණ්‍යය නියෝජනය කරන අති දක්ෂ නිලියක්. ඇය පෙම්වතියගේ චරිත තුලින් බොහෝ විට දැකගන්න් ලැබෙනවා. ඒ වගේම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් වීමට ප්‍රථම හමුවන්නේ ගායිකාවක් ලෙසින් ඒ තමයි දෙරණ ලිට්ල් ස්ටාර් වැඩ සටහන තුලින්. ඇය ගායිකාවක් ලෙසින් තමයි ආදරණිය ප්‍රේක්ෂකයා අතරට එන්නේ. අදටත් ඇය දක්ෂ ගායිකාවක් ලෙස කටයුතු කරනවා. ඇයගේ ගීත වලට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ඇගේම ඇය නරතනයටත් දස්කම් දක්වනවා.
ඒ වගේම තමයි මනිෂා චන්චලා දුනුකාර සහ කලිදු කරුණාරත්නගේ පෙම් කතාව. මේ පෙම් කතාව දැන් ලංකාවේ අයට රහසක් නෙවෙයි. මේ ප්‍රේම කතාව ගැන හැමෝම වගේ දන්නවා.මනිෂා වගේම කලිදුත් මෙරටේ ඉන්න ජනප්‍රියම තලයේ චරිත දෙකක්.
ලගදීම මේ දෙදෙනා විවාහ වෙන්න සුදානම් වෙනවා කියන සුබ ආරංචියක් අසන්නත් ලබෙනවා. එහි ඇත්ත නැත්ත හරියට දන්නේ නැහැ. මේ දෙදෙනා මංගල ඇදුම් වලින් සැරසුණු චායාරූපයක් ඔවුන් සමග මාධ්‍යට එක්කර තිබුනා. මනිෂා එය එක්කර තිබුනේ මනාලියගේ දිනපොතින් කියා. දෙවැනි මනාලියක සහ දෙවැනි මනාලයෙකු ලෙස සැරසුණු චයාරුපයක් ලෙසින් තමයි අපට නම් එය නෙත ගැටුනේ. කොහොම නමුත් මේ දෙදෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.