Nov
22

“මාතර නම් එන්න එපා කලිසම ගලවල යවන්නෙ” – වැලිගම හිටපු නගරාධිපති රෙහාන්, තිස්සට කුට්ටිආරච්චිට කියයි

 
2154 Views
   
 

කාන්තාවකට නිසි පරිදි ගෞරවය ලබා දෙමින් කතා කිරීමට නොහැකි නම් කිසි දිනෙක දකුණු පළාතට නොපැමිණෙන ලෙස වැලිගම හිටපු නගරාධිපති, සමගි ජනබලවේගයේ වැලිගම ප්රධාන සංවිධායක රෙහාන් ජයවික්රම මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පවසා සිටියා.

පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ සභාවාරය අතරතුර පැවති මන්ත්රීවරයාගේ කතාවේදී ව්යංගාර්ථයෙන් අශෝබන හා අශ්ශීල ආකාරයෙන් කතා කිරීම සම්බන්ධවයි සිය විරෝධය පළ කරමින් මෙලෙස රෙහාන් ජයවික්රම මහතා තිස්ස කුට්ටිආරච්චි මහතාට ප්රතිචාර දැක්වූයේ.

තම පක්ෂයේ නායක සජිත් ප්රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්රේමදාස මැතිනියට පමණක් නොව සියලු කාන්තාවන්ට එකසේ ගරු කළ යුතු බවත් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානයක මෙවැනි තක්කඩි සක්කිලි ප්රකාශ සිදු කිරීම අනුමත කළ නොහැකි බවත්, එතුමන් තමාගේ ප්රකාශය පිළිබඳව යම් කිසි ප්රශ්නයක් ඇතහොත් තමාගේ පෞද්ගලික දුරකතන අංකයට ඕනෑම වේලාවක ඇමතිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වැලිගම හිටපු නගරාධිපතිවරයා ප්රකාශ කර සිටියා.

තිස්ස කුට්ටිඅාරච්චි මහතාගේ ප්රකාශයට රෙහාන් ජයවික්රම මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදුකළ ප්රකාශය පහතින්,

https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=613236833056213

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්