Apr
25

නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන දැන් වසර හතරක් වෙනවා..

 
838 Views
   
It's-been-four-years-since-I-started-working-as-an-announcer.  

නිදහස් නිවේදිකාවක් ලෙස කටයුතු කරන වෙනු විජේසුන්දර වර්තමානයේ කොයි කාගෙත් ආදරය දිනු යොවුන් නිවේදිකාවක්. වසර කිහිපයක් තිස්සේ දේශිය රූපවාහිනි නාලිකා කිහිපයකම සේවය කර ඇති ඇය වර්තමානයේ නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරමින් සිටියි.

වෙනු කියන්නේ නිවේදිකාවක්?

ඔව්, මම නිවේදිකාවක්. හැබැයි දැනට මම කටයුතු කරන්නේ නිදහස් නිවේදිකාවක් විදියට. නාලිකා කිහිපයක මේ වනවිට මම වැඩ කරලා තියෙනවා. වර්තමානයේ මම වැඩ කරන්නේ ත්‍රිවිද Tv නාලිකාවේ. ක්ෂේත්‍රයට ඇවිත් දැනට වසර හතරක් විතර වෙනවා. මූලිකව මාධ්‍ය අධ්‍යයනය කරලා voice of sri lanka ආයතනයෙන් තමයි නිවේදිකාවක් විදිහට පිවිසුම ගත්තේ.

මේක ඔබේ තෙරේන කාළේ ඉඳලා තිබුණ හිනයක්ද?

ඔව්,  පොඩි කාලේ ඉදලාම මට නිවේදිකාවක් වෙන හීනයක්.. ආසාවක්.. තිබුණා.

නිවේදිකාවක් විදිහට පමණයිද ඔබ දැන් කටයුතු කරන්නේ?

දැනට නම් නිවේදිකාවක් විදිහට තමයි පූර්ණ කාලීනව වැඩ කරන්නේ. ඔය අතරේ නිරූපන ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක් විදිහටත් කටයුතු කරමින් සිටිනවා. රංගනයටත් ගොඩාක් ආසයි එකතු වෙන්න. ඊට හැකියාවක් තියෙනවා කියන විශ්වාසය මත ඉන්නවා. හොඳ තිර රචනා මත සම්බන්ධ වුණ නිර්මාණ කිහිපයකුත් මගේ තියෙනවා.

නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණ වැඩසටහන් මොනවද?

මම ගොඩක් කරන්නේ උදෑසන වැඩසටහන්. රූපවාහිනී නාලිකා ගත්තම දැන් නම් ත්‍රිවිද Tv නාලිකාවේ ත්‍රිවිද රස වැඩසටහන කරනවා. මම ගොඩක් ආසාවෙන් කරන වැඩසටහනක් තමා ඒක.

රඟපාන්න අරාධනා එහෙම ලැබිලා නැද්ද?

අරාධනා නම් ලැබිලා තියෙනවා. කලින් මම සඳහන් කළා වගේ හොඳ තිර රචනාවක් සහිත නිර්මාණ මම තෝරගෙන කරනවා. දැනට කිහිපයකුත් කරලා තියෙනවා. ඉදිරියටත් එවැනි හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අරාධනා ලැබුණොත් භාරගන්නවා.

පාසල් කාලේ නිවේදිකාවක් විදිහට අත්දැකිම් ලබලා තියෙනවාද?

ඔව්. මම පාසල් කාලේ නිවේදිකාවක් විදිහට කටයුතු කරලා තියනවා. නමුත් ලොකු අත්දැකීමක් ලැබුණේ ක්ෂේත්‍රය තුළම වැඩ කරද්දි තමා. ගොඩක් වැරදි හදාගත්තේ ප්‍රවීනයන්ගේ අවවාද උපදෙස් මත තමයි. .

අනාගත සැළසුම් කොහොමද?

ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා. හෙම්න් පැහැදිලිව ආපු ගමනක්. ලොකු විශ්වාසයක් තියනවා මගේ ඉදිරි ගමන සුබ වෙයි කියලා.

උදව් කරපු අය ගැනත් සඳහනක් කරමු?

ඇත්තටම, මට නම් වශයෙන් කියන්න බැහැ. ගෙදර මගෙ අම්මා මාත් එක්ක හැමදාම හිටියා. ඉදිරියටත් ඇයගේ සහය මට නොඅඩුව ලැබෙනවා. ඒ වගේම මගේ වැරදි කියලා ඒ දේවල් හදපූ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ අය හැමෝම මේ මොහොතේදී විශේෂයෙන්ම මතක් කරනවා.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්