Feb
13

” එයා නිතරම කියන්නේ මට ගැළපෙන කෙනෙක් ඉන්නවනම් හොයාගන්න කියලා” කේ සුජීවාගේ දියණිය අංජලී කියන කතාව

 
1719 Views
   
 

අංජලි රාජ්කුමාර් කියල කියන්නේ මේවෙනකොට ලාංකීය ජනයාගේ සුවිශේෂ ආකර්ෂණයක් හිමිකර ගත් සුන්දර තරුණියක්. ඇත්තෙන්ම අංජලී කියන නමට වඩා බොහෝදෙනෙකු ඇයව හදුනන්නේ ගායන ශිල්පිනී කේ සුජීවා ගේ දියණිය ලෙසටයි. කොහොම නමුත් මේ සුරූපී යුවතියට මේවෙද්දී ආදර යෝජනා වලින් නම් කිසිදු අඩුවක් නැහැ කියලයි අපට ආරංචි වෙන්නේ. ඉතින් අපි ඇගෙන්ම ඒ ගැන විමසා සිටියා. ඊට අංජලී අපට ලබාදුන්නේ මෙන්න මේවගේ පිළිතුරක්

” ඇත්තටම ඔව් මට ගොඩක් ආදරේ යෝජනා එනවා. හැබැයි මම ඒ කිසිම දෙයක් ගණන් ගත්තෙ නෑ වගේ ඉන්නවා. මට අම්මගෙන් නීති නැහැ. එයා නිතරම කියන්නේ මට ගැළපෙන කෙනෙක් ඉන්නවනම් හොයාගන්න කියලා. මගේ අම්මා හැම වෙලාවකම අපිට කියන්නේ අපේ නම ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. කොහොමත් මම ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන කාලයක් ගිහින් තමයි ඒක සමාජයට කියන්න. k සුජීවගේ දුව කියලා දැන ගත්තම ගොඩක් අය ආදරේ කරනවා. ඉදිරියේදී ආදරය ගැන කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට කියන්න තියෙන්නෙ මට එහෙම ආදරයක් නැහැ කියලා” යනුවෙනුයි

අංජලී කියල කියන්නේ මේවෙද්දී අපේ රටේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් ඔබේ රසිකයෝ ගැන ඔබ මොකද හිතන්නේ කියල අහපු වෙලාවේ ඇය අපිට කිව්වේ

” මම හිතන්නේ රසිකයන්ගේ හදවත් වල විවිධ විවිධ මත තියෙනවා. මම කාලයක් නහයට කරාඹුවක් දැම්මා. එතනදී සමහරු මාව විවේචනය කරල තිබුණා නහයට නාස්ලණු දාලා කියලා. සමහරු ඒක හොඳ විදිහට දැක්කා. කොහොම වුණත් රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර එකිනෙකට වෙනස්. අම්මා ජනප්‍රිය චරිතයක් නිසාම ගොඩක් අය අපි දිහා බලාගෙන ඉන්නේ. සමාජය මාව දකින්නේ කේ සුජිවගේ දුව විදිහට නිසා අපිට සමහර තත්වයන් කළමනාකරණය කරගන්න අමාරුයි” කියලයි

කොහොමහරි ඔබේ මව අපේ රටේ ඉන්න ජනප්‍රිය ගායිකාවක්. ඉතින් ඔබ පුංචි කාලේ ඉඳන් ආස කළේ ගායිකාවක් වෙන්න ද කියල අහපු වෙලේ ඇය කිව්වේ මේවගේ කතාවක් ” මම පුංචි කාලේ ඉඳන්ම දැක්කේ අම්මව. අම්මා කරන කියන දේවල් තමා මම නිරන්තරයෙන් බලාගෙන හිටියේ. හැබැයි පුංචි කාලේ නම් ගායිකාවක් වෙන්න ආසාවක් නෑ. මම පලවෙනි වතාවට රූපවාහිනී වැඩසටහනකට එද්දී මට අවුරුදු හයයි. ඒ වැඩසටහනේ් දී අම්මා මම එක වගේ ඇදලා සින්දු කිව්වා. තවම මම ගීත ගායනා කරන්නේ අම්මාගේ ගීත. ඉදිරියේ දවසක මම අම්මා නංගි ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්