Jan
1

මහින්ද තිරුපති ගිය පෞද්ගලික ගුවන්යානයේ හිමිකරු මෙන්න

 
2307 Views
   
 

අතීතයේ මෙරට ප්රභූ සමාජය ස්වකීය බල පුළුවන්කාරකම් ලෝකයට පෙන්වීම සඳහා යොදා ගත් ඉහළ ම සංකේතය වූයේ අලි ඇතුන් ය.

පුද්ගලයා සතු අලි ඇතුන් සංඛ්යාව අනුව පුද්ගලයාගේ සමාජ තරාතිරම තීරණය විය. දැවැන්ත දළ යුගලය සහිත හස්තිරාජයෙකු සතුවීම එකල මහත් අභිමානයක් සේ සැලකිණි.

වර්තමානයේ මෙහි භෞතික ස්වරූපය වෙනස් වී තිබේ.

දැන් වත්කම් පෙන්වන සහතිකය වී තිබෙන්නේ පෞද්ගලික ගුවන් යානයක් තමා සතුවීම ය.

ලංකාවේ ඒක පුද්ගල ආදායම පහත් මට්ටමක පැවතිය ද පෞද්ගලිකව ගුවන්යානා හිමියෝ මෙරට ද සිටිති.

උපාලි විජේවර්ධනට ලියර් ජෙට් යානයක් තිබුණේ මෙයට දශක කිහිපයකට පෙරය. රවී වෙත්තසිංහ, පොළොන්නරුවේ සහල් ව්යාපාරික මිත්රපාල යන අය ද මෙරට පෞද්ගලික ගුවන් යානා හිමියන් අතර වේ. 70 දශකයේදී ඉරානයේ පාලවි ෂා රජුට පෞද්ගලික ජෙට් යානයක් තිබූ බවත් එහි රනින් නිම කළ ටොයිලට් පවා තිබූ බවත් ලෝකය ම කතා කළේ ය.

වර්තමානයේ ලොව වඩාත් ම වේගවත් සහ සුඛෝපභෝගී ජෙට් යානය අයත්ව තිබෙන්නේ අමෙරිකාවේ ඇමසෝන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් (Jeff Bezos) ට. ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද ඔහුය. Bezos සතුව Rolls – Royce BR 725 එන්ජින් දෙකකින් බල ගන්වන Gulfstream G650 පෞද්ගලික ජෙට් යානයක් තිබේ.

එය ගුවනේ සුඛෝපභෝගීත්වයේ ඉහළ ම අවස්ථාව ලෙස සැලකේ. අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ද බෝයිං 757 ජෙට් යානයක හිමිකරුවෙකි. බ්රසීල පාපන්දු ක්රීඩක නෙයිමාරි ජූනියර් සතුව ද පෞද්ගලික ජෙට් යානයක් ඇත. රෝමන් ඇම්බේරාවිච්, ඩෑන් බිල් සේරියන්, හොලිවුඩ් චිත්රපට නළු ජෝන් ට්රැවොල්ට්රා ආදීන් සතුව ලොව ඉහළ ම සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානා තිබේ.

පෞද්ගලික ජෙට් යානා මිල ඉතා අධිකය. එය අවම වශයෙන් ඇ.ඩො. මිලියන 65 සිට ඉහළට විය හැකිය. ගුවන්යානා නඩත්තු කිරීමේදී අතිවිශාල බරපැනක් දරන්නට සිදු වේ. ගුවන් යානා කාර්ය මණ්ඩල නියමුවන්, ගුවන් සේවිකාවෝ, ගුවන්තොටුපළ රැඳවුම් ගාස්තු ආදිය වෙනුවෙනි. එබැවින් පෞද්ගලික ගුවන් යානා පාවිච්චි කරන්නේ පළමු පෙළේ ව්යාපාරිකයන් විසිනි. මන්ද ඔවුන්ට කාලය මුදල් බැවිනි.

රාජ්ය නායකයන් බොහෝවිට පාවිච්චි කරන්නේ රජයේ ගුවන් යානා ය. පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ ප්රමුඛ පවුලේ උදවිය ඉන්දියාවේ තිරුපති දෙවොල කරා පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කිරීම නිසා පෞද්ගලික ජෙට් යානා පිළිබඳව අලුත් කුතුහලයක් හා උනන්දුවක් මෙරට ඇති වී තිබේ.

සමාජ මාධ්ය සහ ප්රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ජෙට් යානයේ ඡායාරූප සංසරණය වීමෙන් පසු ඒ පිළිබඳ දැවැන්ත සමාජ කතිකාවතක් ද නිර්මාණය වී තිබේ. අගමැතිවරයා ඇතුළු පවුලේ අය ඉන්දියාවේ තිරුපති දෙවොල වන්දනාවේ ගොස් තිබුණේ T 7- JSG Legacy 600 දරන ජෙට් ගුවන් යානයකිනි. එය සෙන්ට්මැරිනෝ රාජ්යයේ ලියාපදිංචි කරන ලද්දකි. එම ගුවන් යානය කොළඹ ජාත්යන්තර ගුවන්තොටුපළ – රත්මලාන කරා පැමිණ තිබුණේ දෙසැම්බර් 16 වන දා අප්රිකානු රාජ්යයක් වන උගන්ඩාවේ සිට ය.

තිරුපති ගොස් නැවත පැමිණීමෙන් පසුව එම යානය චෙන්නායි බලා පියාසර කර තිබුණි. පසුගිය දා තිරගත කිරීම ආරම්භ කළ Spider-Man නව චිත්රපටය ප්රථම දෙසතිය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 17ක් උපයා තිබිණි. ශ්රී ලංකාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 1.3කි. ඒ අනුව ශ්රී ලංකාවේ ආර්ථිකය මේ වකවානුවේ පවතින තත්ත්වය පිළිබඳව යම් අදහසක් ඇති කර ගත හැකිය.

සත්ය ලෙස ම අපේ රට ලෝකයේ දරිද්රතාවයෙන් ඉතා පහළට ම වැටුණු රටකි. එවැනි වටපිටාවක බොහෝ ජීවන ගැටලුවලින් හෙම්බත් වී සිටින මෙරට ජනයා අගමැතිවරයා පවුලේ ගමනක් සදහා පෞද්ගලික ජෙට් යානයක් යොදවා ගැනීම පිළිබඳව විමසිල්ලෙන් සහ කුතුහලයෙන් කතා කිරීම අරුමයක් නොවේ.

අගමැති රටේ දෙවන මහජන සේවකයාය. ඔහුගේ ගමන් බිමන්, හැසිරීම් රටා පිළිබඳව දැනගන්නට ඔහු පත් කළ රටේ මහජනතාවට අයිතියක් තිබේ. ඒ නිසා පෞද්ගලික ජෙට් යානය ගැන කරුණු සොයන ජනතාවට චෝදනා කළ නොහැකිය. තිරුපති ගමන සඳහා වැය කළ මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 32ක් බව ප්රකාශයට පත්වී තිබේ. රට බරපතළ ඩොලර් හිඟයකට මුහුණදී සිටියදී එවැනි විශාල මුදලක් වියදම් කළේ කෙසේ ද යන්න ගැන ජනතාව දැනුවත් විය යුතුය.

මේ සම්බන්ධයෙන් ප්රථමයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කළ අගමැති මාධ්ය ප්රකාශක රොහාන් වැලිවිට ප්රකාශ කර තිබුණේ ඉන්දියාවේ ගමන සඳහා අගමැතිවරයා වැය කළේ ඔහුගේ පෞද්ගලික ඩොලර් බවය. ඩොලර් අහේනියකින් රට හෙල්ලුම් කා තිබියදී අගමැති ඩොලර් වියදම් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජනතාව මතුකරන්නේ සාධාරණ ප්රශ්නයකි.

මේ සම්බන්ධයෙන් The Morning පුවත්පතට ප්රකාශයක් කරමින් අගමැති කාර්ය මණ්ඩල ප්රධානි යෝෂිත රාජපක්ෂ ප්රකාශ කර තිබුණේ, එය අගමැතිවරයාගේ මිතුරකු විසින් තිරුපති ගමන සඳහා නොමිලේ ප්රදානය කරනු ලැබූ ජෙට් යානයක් බවය. එම අදහස ම තව දුරටත් සනාථ කරමින් සති අන්තයේ පොදුජන පෙරමුණේ මන්ත්රීවරයකු වන මිලාන් ජයතිලක මාධ්ය මුවකදී ප්රකාශ කර තිබුණේ, අගමැති මහින්ද රාජපක්ෂගේ මිතුරෙකු වන ඉන්දීය ව්යාපාරිකයෙකු විසින් ගුවන් යානය නොමිලේ ලබා දුන් බව ය.

එය අගමැතිවරයාගේ මාධ්ය ලේකම් රොහාන් වැලිවිටගේ ප්රකාශයට පටහැනිය. නම සඳහන් නොවන යටකී ව්යාපාරිකයා කවු ද යන්න රහසකි. එම ඉන්දීය ව්යාපාරිකයාගේ ව්යාපාර මොනවා ද යන්න ද ප්රශ්නයකි. එවැනි විශාල ප්රදානයක් කිරීමට ව්යාපාරිකයා සමග ඇති ගනුදෙනුවද ප්රශ්නයකි.

ඒවා රටේ ජනතාව පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න ය. උගන්ඩාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මේ නම සඳහන් නොකරන ව්යාපාරිකයා බව සමහර මාධ්ය ප්රකාශ කර තිබුණි. ඔහු ආණ්ඩුවේ නායකයන් සමග මෙන් ම එජාපයේ නායකයන් සමග ද පෙනී සිටින ඡායාරූප සංසරණය විය.

මෙවැනි විචිකිච්ඡා ඇති වන්නට ඉඩ නොදී සත්යවාදීව සත්යය රටේ පුරවැසියන්ට දැනගන්නට සැලැස්වීම ආණ්ඩුවේ සෞඛ්යයට හිතකර ය. ජවිපෙ හිටපු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති පසුගිය දා මාධ්යයට පවසා තිබුණේ තම මිතුරෙකු තමාට ඇඳීම සඳහා කමිසයක් ප්රදානය කළ බව ය.

සමහර දේශපාලනඥයන්ට සමහර මිතුරෝ සපත්තු, සෙරෙප්පු, ඔරලෝසු, පරිත්යාග කරති. තවත් සමහර දේශපාලනඥයන්ට ඔවුන්ගේ මිතුරෝ ජෙට් යානා පරිත්යාග කරති. මේ සිදුවීම් දෙක ම සිදුවන්නේ අමෙරිකානු ඩොලර් ට්රිලියන 16ක් ලෝකයට ණය වී ආර්ථික අගාධයක කරවටක් එරී සිටින ශ්රී ලංකාවේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්