Mar
7

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා සිය පවුලේ සාමාජිකයන් සමගින් ඇගේ උපන්දිනය සැමරූ හැටි

 
2010 Views
   
 

තිසුරි යුවනිකා කියල කියන්නේ මේවෙනකොට ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය වගේම ආකර්ෂණය හිමිකරගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම පුංචි කාලයේ ඉදන්ම ළමා නිලියක් ලෙස කළා ලොවට පැමිණි දක්ෂ තරුවක් තමයි ඇය. 1991 මාර්තු 6 වන දින උපත ලබන මේ සුන්දර රංගන ශිල්පිනියට මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යනවා. ඒ බව නොරහසක්

කොහොම නමුත් නැගී එන ටෙලිනාට්‍ය නිලි සහ හොදම නිලියට හිමි සම්මාන කිහිප වරක්ම දිනා ගැනීමටත් ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඇත්තෙන්ම ඇය පිළිබඳ මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය ජනප්‍රිය චරිතයක්. ඇත්තෙන්ම තිසුරි ගැන කතා කරනවානම් ඇගේ මව ගැනත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද තිසුරිගේ මවත් අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය තමයි සුසන්තා චන්ද්‍රමාලි

කෙසේවෙතත් සුසන්තා මහත්මිය වසර 25 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. තිසුරිගේ පියා තමයි කුමරු ලියනගේ මහතායි. තිසුරි ඉගෙනුම ලබා ඇත්තේ නුගේගනුලා විද්‍යාලයෙන් වන අතර පසුව ව්‍යාපාර අධ්‍යයන උපාධියක් ද හදාරා තිබෙනවා.ඒ වගේම ඇය මේවෙනකොට විවාහකයි. ඇය විවහා වෙන්නේ නාවික හමුදා නිලධාරියෙකු වන සුරාජ් විජේසිංහ සමගිනුයි

කොහොම නමුත් මේවෙද්දී කලාව තුළ ජනප්‍රියත්වයට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නු නිර්මාණ කිහිපයක් පිළිබඳවත් අපි ඔබට කියන්නට හිතුවා. ඉතින් සඳ සඳ වගේ,ඉඳුවරී,තුර්යා,බොරළු පාර,දියණියෝ,නේත්‍රා,මිනි ගන්දෑල,ඔබ නිසා,වැනි ටෙලි නිර්මාණ සදහාත් ,දරුවනේ,ධර්මයුද්ධය,ස්පන්දන,මචං යන සිනමා නිර්මාණ වලටත් තිසුරි සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා

ඒ කොහොම වෙතත් ඊයේ දිනය තිසුරි යුවනිකා කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා. ඊට හේතුව වෙන්නේ ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීමයි. ඉතින් එලෙස ඊයේ දිනට යෙදී තිබුණු ඇගේ උපන්දිනය සැමරීමටයි තිසුරිගේ සැමියා ඇතුළු පවුලේ සියලුදෙනා කටයුතු කර තිබුනේ

ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක්ද ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එක්කර තිබුණා. ඉතින් මේ විදිහට ඊයේ දිනයේ උපන්දිනය සැමරූ මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ උපන්දිනයට අපිත් සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්